බන්දුලගේ පඩිය ‘ඉටුකමට’

452

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අගෝස්තු මස ස ට තම මන්ත‍්‍රී වැටුප ‘ඉටුකම’ කොවිඞ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

මේ බව අමැතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම් දී මාසිකව තම මන්ත‍්‍රී වැටුප කොවිඞ් අරමුදලට බැර කිරීමට කටයුතු යොදන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් භාර දී තිබේ.

රටේ පවතින උග‍්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇමැතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර, මෙම ආදර්ශවත් ක‍්‍රියාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ද ලක්වූ බවට ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා (19 දා) ඇමැතිවරයාට ලිපියකින් දන්වා ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment