අධික වැසි හේතුවෙන් දකුණු කොරියාවේ 40ක් මරුට

154

දින කිහිපයක් මුළුල්ලේ දකුණු කොරියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගෙන ඇති දරුණු ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 40 දෙනකු මියගොස් ඇති අතර තවත් 34 දෙනකුට තුවාල සිදු වී 09 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. පවතින අහයපත් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් දකුණු කොරියානු වැසියන් 10,000කට අධික පිරිසක් සිය නිවෙස්වලින් ඉවත් කර ඇති බව බලධාරීහු පවසති.

ජල ගැලීම්වලට හසු වීමෙන් දකුණු කොරියාවේ උතුරු දෙසින් පිහිටි ‘යෝන්ග්ජු’ නගරයේ පොලව යට පිහිටා ඇති මගී පදික මාරුවක ගමන් කරමින් සිටි මගීන් 13 දෙනකු මිය ගොස් තිබේ. යාබද ගඟක් උතුරා යෑම හේතුවෙන් අදාළ මගී පදික මාරුවේ ගමන් කරමින් තිබූ බසයක් ඇතුළු වාහන 16ක් ගසා ගෙන ගොස් තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment