දිවයින හිටපු වැඩ අධිකාරී රාජා ගුණසිංහ අභාවප්‍රාප්ත වෙයි

41

සමාගමේ දිවයින සෝදුපත් අංශයේ හිටපු වැඩ අධිකාරීවරයෙකු වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරම්භක නිලධාරි මණ්ඩල සාමාජිකයකු වූ සහ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ නිලධාරියකු ලෙස ද කටයුතු කළ රාජා ගුණසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

ශාන්ති ගාල්ලගේ මහත්මියගේ දයාබර සැමියා වූ ඒ මහතා පූර්ණිමා ගූණසිංහ සහ ඉසුරු ගුණසිංහ යන දරුවන්ගේ පියාණන් විය.

හැටනව වන වියේ පසුවූ ඒ මහතා මියයන විට ලංකාදීප පුවත්පතේ සේවය කරමින් සිටියේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (20දා) වැලිපිල්ලෑව පොල්හේන ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

දේහය ගනේමුල්ල කොස්සින්න රජමහ විහාර මාවතේ ගල්වල පාරේ අංක 288/A නිවසේ තැන්පත් කර ඇත. විමසීම් 0702128711.
උපාලි පුවත්පත්

advertistmentadvertistment
advertistmentadvertistment