ඇමති කෙහෙළියට විශ්වාසභංගයක් – කාවින්ද කියයි

70

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ අවධානය යොමුව තිබේ.

වර්තමානය වන විට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඔස්සේ ඇමැතිවරයාට චෝදනා එල්ල කරන බව සජබ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙලෙස සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ද සාකච්ඡා කළ බව ද මන්ත්‍රීවරයා කීය. ඒ අනුව ඉතාම ඉක්මනින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් ඇතුළු සජබ මන්ත්‍රීවරුන් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කර සිටියේය. මේ අතර රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment