රටවල් 35 නියෝජිතයන් අද ශ්‍රී ලංකාවට

155

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද දිවයිනට පැමිණීමට නියමිත ව තිබේ.එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා – පැසිෆික් කලාපීය සමුළුව ලබන 19 වැනි දා සිට 22 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ව තිබේ.මීට සමගාමී ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද හෙට මෙරටට පැමිණීමට නියමිතයි.චීනය, මැලේසියාව, ජපානය, පාකිස්තානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බව ද සඳහන් ය.සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා පැවති ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයන් පිරිසක් එකවර සහභාගි වන සමුළුව මෙය වන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment