පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සඳහා සුජය පුවත්පත හා ලංකා බැංකුවේ ‘BOC රන් කැකුළු SMART’ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

140

උපාලි පුවත්පත් සමාගම මගින් සතිපතා නිකුත් කරනු ලබන ශ්‍රී ලංකාවේ අංක 1 ශිෂ්‍යත්ව පුවත්පත වන ‘සුජය’ පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ වෙනුවෙන් සහභාගිවීම සඳහා ‘සුජය’ පුවත්පත හා ‘ජාතියේ මහා පහන් ටැඹ’ ලංකා බැංකුවේ BOC රන් කැකුළු Smart අතර අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම ඉකුත්දා උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු අතර අදාළ අවබෝධතා ගිවිසුම් හුවමාරු කිරීම උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ සන්නාම අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය හා ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරිනී (ශාඛා මෙහෙයුම්) ඩී. ආර්. සී. එස්. උදයකුමාරි, ලංකා බැංකුවේ ප්‍රධාන කළමනාකරු (අලෙවි) යූ. ආර්. ජයතිලක යන මහත්ම මහත්මීන් අතර සිදු විය.

ඒ අනුව ‘සුජය’ පුවත්පත හා සිලෝන් චොකලට් සමාගමේ ‘කැන්ඩොස්’ චොකලට් සමග එක්ව පවත්වාගෙන ගිය මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සඳහා ලංකා බැංකුවේ ‘BOC රන් කැකුළු Smart’ ද සිය දායකත්වය ලබාදෙනු ඇත.

මෙම අවස්ථාවට උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ලහිරු ගුණසේකර, උපාලි පුවත්පත් සමාගමේ දැන්වීම් අධ්‍යක්‍ෂ ධනංජය විතානගේ, සිලෝන් චොකලට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරි ඉන්දික රණසිංහ, සුජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ කෝකිලා වෙත්තසිංහ, ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරිනී (ශාඛා මෙහෙයුම්) ඩී. ආර්. සී. එස්. උදයකුමාරි, ප්‍රධාන කළමනාකරු (අලෙවි) යූ. ආර්. ජයතිලක ප්‍රධාන කළමනාකාරිනී (ශාඛා මෙහෙයුම්) ශිරන්ති රාජරත්න අලෙවි කළමනාකරු ජගත් හිරිපිටිය, සන්නාම කළමනාකරු රංග ප්‍රනාන්දු සහකාර කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ඉඳුනිල් සිල්වා උපාලි පුවත්පත් සමාගමේ බෙදාහැරීමේ විධායක මතීෂ ජයරුක්, සුජය පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද සහභාගි විය.

අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කිරීමෙන් පසු ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරීත්වය සහ උපාලි සමූහ ව්‍යාපරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හා සුජය පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ

ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment