FB පැමිණිලි 101ට කියන්න

754

ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි 101 ක්‍ෂණික ඇමතුම් අංකයට අමතා දැනුම් දිය හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා ‘දිවයින’ට පෙරේදා (14 දා) පැවසීය.

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධව, ඔන්ලයින් හරහා දරුවන්ට සිදුවන අපයෝජන, හැක් කිරීම් ඇතුළු තවත් අකටයුතුකම් සම්බන්ධයෙන් එම අංකය අමතා පැමිණිලි කළ හැකි බවද හෙතෙම කීය. ෆේස්බුක් සම්බන්ධයෙන් මසකට පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බවද ඔහු කියා සිටියේය. එසේම අදාළ පැමිණිලි ලිඛිතව ඊමේල් කළ හැකි බවද හෙතෙම කීය. ඒ අනුව රුචදරඑජැරඑගටදඩගකන යන ඊමේල් ලිපිනයට එවිය හැකි බවද හෙතෙම කීය. පැමිණිලිකරන අයගේ රහස්‍ය භාවය සුරකින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment