Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථකව නිම වේ

44

කර්මාන්ත නවෝදයක අලුත් ආරම්භයක් තබමින්, Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමගින්, ජාතික කර්මාන්ත සතිය සාර්ථකව නිම වේ

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ සහයෝගීතාවයෙන් යුතුව කර්මාන්ත අමාත්‍යංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, සියළු රාජ්‍ය යාන්ත්‍රණය හා එක්ව ජුනි 22 වෙනිදා ‘ ජාතික කර්මාන්ත දිනය ලෙසින් නම්කොට පසුගිය ජුනි 28 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරුණු ‘ජාතික කර්මාන්ත සතිය’ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටම පුබුදුවාලමින් සාර්ථකව නිමාවට පත්විය.

එහිදී ජාතික කර්මාන්ත සතියට සමගාමීව ජුනි 21 වෙනිදා සවස ගාලු මුවදොර පිටියේ සිට BMICH‍ දක්වා දේශීයව එකලස් කරන වාහන නිෂ්පාදන කර්මාන්තයේ අසිරිය විදහා දක්වමින් ජාතික වාහන පෙරහැර (National Vehicle Parade ) පවත්වනු ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment