සම්පත් බැංකුව 2022 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ප්‍රථම අනුශූරතාව හිමිකර ගනිමින් සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරයි

68
සම්පත් බැංකුව විසින් 2022 ‘විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේ ප්‍රථම අනුශූරතාවය සඳහා වන සම්මානය දිනාගත් මොහොත. එම අවස්ථාවට එක් වූ සම්පත් බැංකුවේ දර්ශින් පතිනායක - සහකාර සාමාන්‍යාධිකාරී - කාඩ් මධ්‍යස්ථාන, දීපාල් ද සිල්වා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ, ලලිත් වේරගොඩ - ප්‍රධාන නිලධාරී - මානව සම්පත්, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා - කළමනාකාර අධ්‍යක්ෂ - යෝජිත, තාරක රන්වල - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඩිජිටල්කරණය, තැන්පතු ප්‍රවර්ධන හා අලෙවිකරණය, දුල්සිරි ජයසිංහ - සහකාර සාමාන්‍යාධිකාරිණී - විශේෂ ව්‍යාපෘති හා සම්මේලනය, ක්‍රිශාන්ති ලොකුහෙට්ටි - ප්‍රධාන කළමනාකාරිණී - මානව සම්පත්, පූජිත රාජපක්ෂ - ප්‍රධාන කළමනාකාර - අලෙවිකරණ යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

සම්පත් බැංකුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘2022 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන’ උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 අතරට එක් වෙමින් සමස්ත සම්මාන උළෙළේ අනුශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් විය.

එසේම ‘ප්‍රජා සම්බන්ධතා’ වෙනුවෙන් වන සම්මානයද හිමිකර ගත් සම්පත් බැංකුව සමාජ තිරසාරත්ව අංශය සඳහා වූ Triple Bottom Line කාණ්ඩයේ මානව සම්පත් සම්මානයේ ජයග්‍රාහකයා බවටද පත් විය.

‘2022 විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මාන’ උළෙල මෙවර පවත්වනු ලැබුවේ අඛණ්ඩව 19 වැනි වරටය. ආයතනික ඉලක්කයන් සපුරා ගන්නා අතරම පාරිසරික, සමාජීය හා ආර්ථික තිරසාරත්වය වෙනුවෙන් වන විශිෂ්ට භාවිතයන් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය ආයතන දිරිමත් කිරීම අරමුණු කොටගත් මෙම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව මහා පරිමාණ ආයතනයන්ට මෙන්ම කුඩා පරිමාණ ව්‍යවසායන් වෙතද උදා කර දී තිබීම විශේෂත්වයකි. රට තුළ ආයතනික තිරසාරභාවය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් සිය පාර්ශ්වකරුවන් සමග වගකීම් සහගත අයුරින් කටයුතු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් විසින් ගනු ලබන ප්‍රයත්නයන් ඇගයීම මේ තුළින් සිදු කරනු ලබයි. පරිසරය, පාරිභෝගික සබඳතා, ප්‍රජා සබඳතා, යහ පාලනය, මූල්‍ය කාර්ය සාධනය හා ආර්ථික දායකත්වය යනාදී නිර්නායකයන් මූලික කොට ගත් මෙම සම්මානය සඳහා වන ජයග්‍රාහකයින් තෝරා ගනු ලබනුයේ තිරසාරත්වය පිළිබඳ පිළිගත් විශේෂඥ මණ්ඩලයක් විසිනි.

ශ්‍රී ලංකාවේ උපකාර අවැසි ප්‍රජාවන් කෙරෙහි සම්පත් බැංකුව දක්වන ධනාත්මක නව්‍ය හා සමාජීය ප්‍රතිචාරයන් පසුගියදා පැවැති 21 වන SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ ‘වසරේ ආයතනික සමාජ වගකීම්’ සඳහා වන රන් සම්මානය හිමි කර ගැනීමත් සමඟ වඩ වඩාත් කතා බහට ලක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment