දඹුල්ල ඕරාට කඩුලු 07ක ජයක්

160

LPL තරගාවලියේ අද පැවැති 14 වැනි තරගයේ දී කඩුලු 07ක ජයක් දඹුල්ල ඕරා කණ්ඩායමට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායම පන්දුවාර 17.4කදී කඩුලු 03ක් දැවී ලකුණු 134ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.ඒ අනුව ඔවුනට කඩුලු 07ක ජයක් හිමි විය. එහිදී දඹුල්ල ඕරා වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය.තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත් විණි.

advertistmentadvertistment
advertistmentadvertistment