ගෑස් සහ ඉන්ධන සීමා වන සති තුනක්

2469


ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් ඇතිවෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ සම්බන්ධව අගමැතිවරයා මෙසේ සඳහන් කළේය. අප සියලු‍ දෙනාම හැකිතාක් අර පරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කර ගත යුතු කාලයක්. ඒ නිසා මේ කාල සීමාවේ තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙස මම සමස්ත පුරවැසියන් ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ කෑම දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වනවා. ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. මේ දුෂ්කර සති තුනට අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment