ඉසිපතන ජනාධිපති කුසලාන අවසන් තරගයට

149

“ජනාධිපති අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවති ප්‍රථම අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදී මරදාන සහිරා විදුහල ලකුණු 29 කින් පරාජය කරමින් ඔවුහු එම දස්කම ප්‍රදර්ශනය කළහ.

ප්‍රථම භාගයේ දී ඉසිපතන විදුහල ලකුණු 13 – 10 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

තරගයේ ප්‍රථම උත්සාහක දිනුම සහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සහිරා විදුහල සමත් වුවද පසුව සංවිධානය වූ ඉසිපතන ක්‍රීඩකයන් නියමිත කාලය නිමා වන විට ලකුණු 39 – 10 ක් ලෙස ජය ගත්තේය.

ගෝල් දිනුම් 03, උත්සාහක දිනුම් 03 සහ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඉසිපතන විදුහල සමත් වන අතර වාරයේ දී සහිරා විදුහල ගෝල් දිනුමක් සහ දඬුවම් පහරක් ආශ්‍රිතව තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment