හදිසි අනතුරු ජාතික සමුළුව ප්‍රථම වරට පැවැත්වෙයි

82

අනතුරුවලින් ආබාධිත වන අයට මෙරටදීම උපකරණ හදන්න සැලසුම්

හදිසි අනතුරු ජාතික සමුළුව (National Trauma Conference 2023) ඊයේ (10දා) ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ආරක්‍ෂක උපදේශක සාගල රත්නායක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං යන මහත්ම මහත්මීන් දෙපළගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණි.

ඕනෑම අවස්ථාවක ඇතිවන අනතුරු සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට බඳුන් කළ අතර ජීවිත හානි හැරුණු විට සිදුවන සියලුම ආබාධිත තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කරනා ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අනතුරුවලින් ආබාධිත වූවන් සඳහා උපකරණ සපයා ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදුවන හෙයින් එම උපකරණ සෞඛ්‍ය ක්‍ෂේත්‍ර පද්ධතිය තුළම නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන බව ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසුවේය. එයින් වියදම් අවමකර ගැනීමේ හැකියාව පවතින බව ද ඒ මහතා පැවසීය.

පළමු අවස්ථාවට පැවැත්වූ මෙම සමුළුව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ආරක්‍ෂක උපදේශක සාගල රත්නායක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන, විශේෂඥ ශල්‍ය වෛද්‍ය කීර්ති අබේජීව සහ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ ඉන්දික ජාගොඩ යන මහත්වරු සහභාගි වී සිටියහ.

සටහන සහ ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment