ඉදිරි වසරේදී තවදුරටත් ආහාර උද්ධමනය අඩුවෙනවා – ඇමැති නලින් ප්‍රනාන්දු

65

කුකුළු මස් මිල වැඩි කළොත් රටින් ගේනවා

ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේම ආහාර ද්‍රව්‍යවල මිල 2024 වර්ෂයේ දී කොපමණ දුරට පාලනය කළ හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (09 දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

ආහාර මිල සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව අප විසින් අවධානය යොමු කළ කාරණා කිහිපයක් තිබෙනවා. ඒ වගේම තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේදී රටට අවශ්‍ය බදු ප්‍රමාණය රැස් කරගැනීම සඳහා ද තීන්දු කිහිපයක් ගැනීමට සිදුවුණා. එහිදී මුදල් අමාත්‍යාශය විසින් සීනි සඳහා සත 25ක් ලෙස පැවති බද්ද රුපියල් 50 දක්වා යළි වැඩි කරනු ලැබුවා. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 275ක පාලන මිලක් හඳුන්වාදීමට ද කටයුතු කළා. ඒ වගේම සීනී ආනයනයකරුවන් 14 දෙනාගෙන් 12 දෙනෙකු සතුව අවශ්‍ය සීනි තොග පවතින බව ද දැනුම් දී තිබෙනවා. එම සීනි තොග අවසන් වනතුරු ඔවුන්ගේ ගබඩා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් දිනපතා නිරීක්ෂණය කරනවා. සීනී සඳහා වන පාලන මිල වන රුපියල් 275ට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහා ද නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

ඒ වගේම මෙරට තුළ සිදුකරමින් තිබෙන ආහාර නිෂ්පාදන ප්‍රමාණය කොපමණ ද? ඉන් කොපමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කෙරෙනවාද? ඒවා වෙළෙඳ පොළට නොලැබීම තුළ පාරිභෝගිකයාට කොපමණ මිල වැඩිවීමකට මුහුණ දීමට සිදුවනවා ද? යන්න පිළිබඳව අප මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස 2024 වර්ෂයේ දී සහල් මිල සම්බන්ධයෙන් අප මේ දිනවල පුරෝකථන සිදු කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment