වික්ටෝරියා ජලාශයට බිලි වූ ජීවිත තුන

874

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇත.දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය අඹුසැමි යුවළක් ද ඊයේ පස්වරුවේ දියේ ගිලී තිබුණි.එහිදී ඔවුන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ 30 හැවිරිදි වියේ පසුවූ ප්‍රදේශවාසියෙකුවූ මෙම පුද්ගලයා ද මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.දියේ ගිලී මියගිය අඹුසැමි යුවළ තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී තිබේ.මියගොස් ඇති සැමියාගේ වයස අවුරුදු 28ක් සහ බිරිඳගේ වයස අවුරුදු 22ක් ලෙසට වාර්තාවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment