තෙවන විනිසුරු විදුලි සෝපානයේ සිරවේ

627

ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන විනිසුරු ලෙස කටයුතු කරන රිචඩ් ඉලිංග්වර්ත් ඊයේ (28 වැනිදා) විදුලි සෝපානයක සිර වී ඇත.

ඒ හේතුවෙන් තෙවැනි විනිසුරුට නියමිත වේලාවේ දී සිය ආසනය වෙත පැමිණීමට නොහැකි වී ඇති අතර දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කිරීමද මිනිත්තු කිහිපයකින් ප්‍රමාද වී තිබේ.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හි පැවැත්වෙන එම තරගය දිවා විවේකයෙන් පසුව පස්වරු 1.25ට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් තෙවැනි විනිසුරු තවත් විනාඩි ගණනක් යනතුරුත් ඔහුගේ ආසනය වෙත නොපැමිණ තිබුණි.

අනතුරුව සිව්වැනි විනිසුරුවරයා තෙවන විනිසුරුගේ කාර්ය තාවකාලිකව භාර ගැනීමෙන් පසුව තරගය ආරම්භ කිරීමට පිටියේ විනිසුරුවරු කටයුතු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment