කොරෝනා වෛරසය පැතිරවීමේ චෝදනාව මත චීන රසායනාගාර කළමනාකරුවෙක් අත්අඩංගුවට

248

කොරෝනා වෛරසය පැතිරවීමේ චෝදනාව මත චීනයේ හෙනන් පළාතේ වෛද්‍ය රසායනාගාරයක කළමනාකරුවකු අත්අඩංගුවට ගැනීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ‘සෙන්ග්සවු කින්ග්මෙඩ් සායනික රසායනාගාරයේ කළමනාකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් කඩකර ඇති කොරෝනා මර්දන නීති මොනවාදැයි යන්න පිළිබඳව බලධාරීන් විසින් මෙතෙක් තොරතුරු අනාවරණය කර නොමැත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇති සංග් නැමැත්තා සිතාමතාම කොරෝනා වෛරසය පැතිරවීමට කටයුතු කර ඇති බව හෙනන් පළාතේ පොලිසිය පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment