මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම විසිහය ගුණයකින් වැඩිවෙලා

200

විගණනයෙන් හෙළි වෙයි

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේදී (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2033ක් වූ අතර එය මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ඉකුත් වර්ෂයේදී (2022) මත්තල ගුවන් තොටුපළ ලබාගෙන ඇති පාඩුව රුපියල් මිලියන 22214කි. මේ සඳහා විදේශ විනිමය අලාභය ප්‍රදාන වශයෙන් හේතුවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වර්ෂ 6 තුළ (2017 සිට 2022) මත්තල ගුවන්තොටුපළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818 ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකී ගුවන්තොටුපළේ අපේක්‍ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලයනයක් පමණ වුවද ඉකුත් වසර 06 තුළ ගමන්කොට ඇති මුළු ගුවන් මගීන් සංඛ්‍යාව 103,324 කි. මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,612 කි. ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 36,564 ක වියදමක් දරා ඇති අතර එම මුදල ඵලදායී ලෙස භාවිතා කොට නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190 ක ණය සඳහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලින 1,842 ක මුදලක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ගෙවා තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment