අරගලයේ විජාතික බලවේග හොයන්න කොමිසමක් ඕනෑ… ’22’ බෙදුම්වාදීයි

288

අරගලය රෑ දැකපු නරක හීනයක් ලෙස අමතක නොකරන ලෙසත් එයට පසුබිමේ ක්‍රියාත්මකවූ විජාතික බලවේග ගැන සොයා බලා සත්‍යය රටට හෙළිදරව් කිරීමට කොමිෂන් සභාවක් පත් කළ යුතු බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

අරගලය ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී පක්‍ෂය පිට දැමීම තමා අනුමත නොකරන බවත් ඔවුන් එයින් ප්‍රයෝජන ගන්නට ඇති නමුත් ඊට වඩා සූක්‍ෂ්මව බලවේගයක් පසුව ක්‍රියාත්මක වී ඇති බවට සැකයක් තමාට ඇති බවත් ඔහු කීය.

ජනතාපේක්‍ෂාවන් මත මහජනයා ඊට එක්වුවත් ප්‍රචණ්ඩකාරි හැසිරීම් තුළින් වූ විනාශයක් කිරීමට ඔවුනට අවශ්‍යතාවක් නොතිබු බවද එක රැයක් තුළ වූ විනාශයන් දකින විට බොහෝ දේ අපිට අමතක කළ නොහැකි බවත් අමරසේකර මහතා පවසයි.

මේ අතර 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් පාර්ලිමේන්තුව තුළ බෙදුම්වාදී ව්‍යවසථා සංශෝධන කුමන්ත්‍රණයක් සිදු කිරීමේ අනතුරක් එළඹ ඇති බවද එම සංශෝධන හරහා 13 වැනි සංශෝධන බලාත්මක කිරීමේ සංශෝධන ඊට එක් කිරීමේ අනතුරක් උද්ගතව ඇති බවද ගුණදාස අමරසේකර මහතා කියයි. එහෙත් දේශපාලන පක්‍ෂවල යෝජනා ආණ්ඩුව පිළිගන්නේ නම් එම යෝජනා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමට පෙර මන්ත්‍රීවරුන්ට පොදු ජනතාවට ලබා දිය යුතු බවද ප්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment