ඉන්දුනිසියානු භූචලනයෙන් මිය ගිය සංඛ්‍යාව වැඩි වෙයි – 300 කට අධික පිරිසක් මරුට

217

ඉන්දුනිසියාවේ සිදුවු බරපතල භූචලනයෙන් මියගිය සංඛ්‍යාව 300 කට අධික බව වාර්තාවේ තවත් විශාල පිරිසක් අතුරුදන්වී ඇති අතර ඔවුන්ව සොයා ගැනීම දුෂ්කරවී ඇත.

ඉන්දුනිසියානු ජනපති වුඩෝ සිද්ධිය වූ ස්ථාන විමර්ශනයට ලක්කර ඇත. රජය පැවසුවේ 58000 කට අධික පිරිසක් අනාථවී ඇති බවයි ළමුන් විශාල සංඛ්‍යාවක්ද මියගොස් තිබේ.

ඉන්දුනිසියානු භූචලනයෙන් මිය ගිය සංඛ්‍යාව වැඩි වෙයි - 300 කට අධික පිරිසක් මරුට

එකදිගටම භූචලන කීපයක් සිදුවී ඇතැයිද අනාවරණය වී ඇත. ජීවිතාරක්‍ෂක කණ්ඩායම් පැවසුවේ

ගම්මාන රැසක් සොයා ගැනීමට නොහැකිවී ඇති බවයි.

මාර්ග අවහිරතා නිසා සහන සැලසීමටද දුෂ්කරවී ඇත. මෙම භූචලනය ඇතිවීමට පෙර සුළු කම්පන ඇතිවී තිබුනත් ගම්වාසීන් ඒ කෙරේ සැලකීමක් දක්වා නොමැත. මේ අතර ඉදිරියේදීත් භූකම්පන ඇතිවිය හැකි බවට ඇමෙරිකානු භූචලන විමර්ශන මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment