චමීර ෂාරුක්ගේ පිලට

416

එළඹෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

එම කණ්ඩායම සමග ගිවිසුම් ගතව සිටි එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්ස්කින්ස් ඉන් ඉවත්වීම නිසා චමීරට මෙම අවස්ථාව උදාවී ඇත.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දුෂ්මන්ත චමීරව මිලදී ගනු ලැබුවේ ඉන්දියන් රුපියල් ලක්ෂ 50කටය.

චමීරව මෙවර මූලික වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් අතර ඔහු මීට පෙර රාජස්ථාන් රෝයල්, රෝයල් චැලේන්ජස් බැංග්ලෝර්, ලක්නව් සුපර් ජයන්ට්ස් ආදී කණ්ඩායම්වලට ක්‍රීඩා කර ඇත.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය ජනප්‍රිය හින්දි නළු ෂාරුක් ඛාන් විසින් දරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment