කුරුණෑගල හිටපු නගරාධිපතිගේ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරයි

2050

තමන් කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම අභියෝගයට ලක්කරමින් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව නමැත්තා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඊයේ (20දා) නිෂ්ප්‍රභ කළේය.

වයඹ හිටපු ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් තුෂාර සංජීව නමැත්තාට එරෙහිව එල්ල වී තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් ඒකපුද්ගල කමිටුවක් පත්කර තිබූ අතර එම ඒක පුද්ගල කමිටුව ලබාදුන් නිර්දේශ අනුව හිටපු නගරාධිපතිවරයාව නගරාධිපති ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.

එකී නිර්දේශ හා හිටපු ආණ්ඩුකාරවරයාගේ නියෝගය බලරහිත කර තමා නැවත නගරාධිපති ධුරයට පත්කරන්නැයි ඉල්ලා තුෂාර සංජීව මහතා ගොනුකර තිබූ පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට නීතිඥ ලක්මාල් රත්නායක මහතා අවසර ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා එම පෙත්සම නිශ්ප්‍රභ කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල හා පියුමාල් හේරත් මහත්වරු වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment