විනිසුරු සරවනරාජා රකින්න දෙමළ පක්ෂ එකමුතුවෙන් මිනිස් දම්වැලක්

163

මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ආර්. සරවනරාජා මහතාට අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් ඊයේ (04 දා) යාපනයේදී විරෝධතාවක් ආරම්භ කරන ලදී.

යාපනය කොකුවිල් ප්‍රදේශයේදී දෙමළ ජාතික පක්ෂ එකමුතුවෙන් මෙම විරෝධතාව ආරම්භ කරන ලදී. එකිනෙකා අතින් අත අල්ලාගෙන මිනිස් දම්වැලක් ආකාරයෙන් මෙම විරෝධතාව අරඹන ලදී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඇතුළු ප්‍රාදේශීය දෙමළ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් සහභාගී විය. ඔවුන් මෙම මිනිස් දම්වැල කොකුවිල් ප්‍රදේශයේ සිට යාපනය නගරය දක්වා රැගෙන යෑමට කටයුතු කර තිබේ.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment