වගා හානි වෙනුවෙන් වන්දි

131


වගා හානියට ලක්වූ ගොවීන් 53,965ක් සඳහා වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වන්දි ගෙවීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමිව ඇත.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.පැවති අයහපත් කාලගුණය නිසා ප්‍රමාණවත් පරිදි ජලය නොලැබීමෙන් 2023 යල කන්නයේදී අක්කර 58,770ක් පමණ වී සහ වෙනත් භෝග වගා හානියට ලක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment