ගානියාගේ බොරුවට ලැබුණු දඬුවම

9728

ඉදිරි නීතිමය කටයුතු සඳහා භාවිත කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා රුපියල් 5,000සක දඩයක් සහ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර 05කට අත්හිටුවීමට නියෝග කළේය.

එමෙන්ම රුපියල් ලක්ෂ 20 වන්දියක් ගෙවීමට ද ඇයට නියෝග කළ විනිසුරුවරයා එකී වන්දි හා දඩ ගෙවීමෙන් අනතුරුව සිය අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ආගමන විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසද දැනුම් දුනි.

ඒ අනුව අධිකරණය භාරයේ තිබෙන ඇයගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඇයට භාරදෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

2020 වසරේදී නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව පවරා තිබූ නඩුව පූර්ව නඩු විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ එක් මූලික විරෝධතාවයක් පිළිගත් විනිසුරුවරයා අධිචෝදනා පත්‍රය සංශෝධනය කරන ලෙසට දැනුම්දී තිබුණි.

ඒ අනුව අද දින සංශෝධිත අධිචෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment