අරගලයෙන් ගාලු මුවදොරට ලක්‍ෂ 49ක හානියක්

112

අරගලය නිසා ගාලු මුවදොර භූමියට රුපියල් ලක්‍ෂ 49ක හානියක් සිදුවී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ගෝල්ෆේස් අරගල භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබඳව තක්සේරු වාර්තාවක් ලබාගැනීමට මේ වනවිට කටයුතු කර ඇති බවද එම අධිකාරිය පවසයි.

එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක් (1 1/2) සහ එහි තණ පිඩලි ඇල්ලීමට ලක්‍ෂ 47ක් වැයවන බව නාගරික සංවර්ධන අධිකාරිය කරන ලද තක්සේරු වාර්තාවේ සඳහන් වේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිට්ටනිය ආශ්‍රීත ප්‍රදේශයට සිදුකළ හානියට අරගලරකැවන්ගෙන් වන්දි අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් එම අධිකාරියට උපදෙස් දී තිබේ.

අරගලකරුවන් රැඳී සිටි ගෝල්ෆේස් භූමිය පොදු දේපළක් බවත් 1971 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ 3(1) වගන්තියට ප්‍රකාරව අරගලකරුවන් විසින් අනවසර ඉදිකිරීම් කළ ස්ථානයක් බවටත් හඳුනාගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment