තැපැල් කාර්යාල 14ක් හොරු කඩලා: රු. ලක්‍ෂ 72ක් පැහැර ගෙන – රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

66

මෙම වසරේ (2023) තැපැල් දෙපාර්තමේන්තුවට අයත් තැපැල් කාර්යාල 14ක් සොරුන් විසින් කඩා මුදලින් රුපියල් ලක්ෂ 72කට වඩා වැඩි මුදලක් පැහැර ගෙන ගොස් ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය.

ඊට අමතරව මුද්දර සොරා ගැනීම සහ වෙනත් අලාභහානි සොරුන් විසින් සිදු කර ඇතැයි ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.

පොලිසිය පෙනෙන මානයේ පිහිටි තඹුත්තේගම තැපැල් කාර්යාලය ද පසුගියදා සොරුන් විසින් කඩා ඇතැයි ද කී ඇමැතිවරයා කෙසේ වෙතත් තැපැල් කාර්යාල සඳහා පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් නිල ඉල්ලීමක් කළ බව ද කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment