මේ වනවිට මුදල් ලේකම්, රජයේ මුද්‍රණාලයාධිපති, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිත්, ජනාධිපති ද?

105

විපක්‍ෂ නායක සජිත් අසයි

මේ වනවිට රටේ මුදල් අමාත්‍යංශයේ ලේකම්, රජයේ මුද්‍රණාලයාධිපති සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිත්, ජනාධිපති යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යත්, උත්තරීතර නීතියත් උල්ලංඝනය කරමින් මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයා යැයි ද විපක්ෂ නායක කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද වාරියපොල ප්‍රදේශ පැවැති ජන හමුවකට එක් වෙමිනි. ජනාධිපතිවරණ වේදිකාවක සිටියදී ගාමිණි දිසානායක මැතිතුමා ඝාතනය කළ බවත්, ඒ ආකාරයටම මැතිවරණ වේදිකාවේ දී ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කළ බවත් සිහිගන්වමින් ආණ්ඩුවේ ඇතමුන් මැතිවරණය පිළිබඳව බියක් මවා ඇති බව ද පැවසීය.

සමගි ජන බලවේගය පෞද්ගලික ව්‍යවසාය කෙරෙහි විශ්වාසය තබන බවත් රට ගොඩනැඟිය හැක්කේ ඔවුන්ට බවක් බවත් හෙතෙම පැවසීය. සියල්ලම රජයට කළ හැකි යැයි විශ්වාස කරන්නේ නම් එය මුළාවක් බව පැවසූ විපක්ෂ නායක එවැනි මිත්‍යාවන්ට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment