ශ්‍රීලනිපයෙන් යන්නෙම නෑ – දයාසිරි

114

කුමන එදිරිවාදිකම් සිදුකළත් තමා කිසිවිටෙකත් පක්‍ෂයෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කුමන්ත්‍රණකාරී කිහිපදෙනකු විසින් විධායක සභාවේද පූර්ණ අනුමැතියෙන් තොරව තමා පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට කටයුතු කළ බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

එහෙත් තමාට කුමන එදිරිවාදිකම් සිදුකළත් කුමන විනය පරීක්‍ෂණයක් සිදුකළත් නිදහස් පක්‍ෂයෙන් ඉවත් නොවන බව කී දයාසිරි ජයසේකර මහතා පක්‍ෂ සංවිධායකවරුන් ඇතුළු පාක්‍ෂිකයන් තමා සමග අත්වැල් බැඳගෙන සිටින බව ද කීවේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment