දෙවසරකට පසුව මැතිව්ස් සුදු පන්දුවේ හරඹයට!

314

එළඹෙන නවසීලන්ත තරග සංචාරයේ එක් දින තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක් වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 218කට ක්‍රීඩා කර ඇති හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අවසන් වරට එක් දින ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කරන ලද්දේ 2021 වසරේ මාර්තු මාසයේදීය.

ඒ අනුව වසර දෙකකට පමණ පසුව යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට පැමිණීමට නියමිත මේ පළපුරුදු ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 5853ක් රැස් කර ගෙන ඇත.

ඊට ශතක තුනක් සහ අර්ධ ශතක 40ක් අන්තර්ගත වේ.

මැතිව්ස් නවසීලන්ත සංචාරයේදී එක්දින තරග සඳහා යෙදවීමට පෙර පසුගියදා පැවැති එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව එක්දින තරග දෙකකට ද සහභාගී කර වූයේය.

එහි දෙවන තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට මැතිව්ස් සමත්වූ අතර අනතුරුව ඔහු නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කර පවත්වන ලද රදැල්ලේ පුහුණු සංචිතය හා එක් වූයේය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment