රන් මිල රු. 1000 කින් පහළට

274

පසුගිය දිනවලට සාපේක්‍ෂව ඊයේ (24දා) මෙරට රන් වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 1000ක පමණ අගයකින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් එක් ලක්‍ෂ හැටහත් දහසක අගයක් ගෙන තිබූ අතර කැරට් 22 රන් පවුමක මිල සඳහන් වූවේ රුපියල් එක්ලක්‍ෂ පනස්තුන්දහසක් ලෙසින්ය. කෙසේ වෙතත් දිනෙන් දින වෙනස් වන රන් මිල හේතුවෙන් රන් කර්මාන්තයේ නිරත පිරිස් හා පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයම දැඩි අසීරුතාවකට මුහුණ දී ඇතැයි පෙන්වා දෙන රන් ව්‍යාපාරිකයන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම මිල ගණන් වෙනස්වීම කෙරෙහි ලෝක රන් වෙළෙඳපොළ මිල ගණන් එතරම් බලපෑමක් නොකරන බවකි.
රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment