අද පැය 5 ක් ලයිට් කපයි: හෙට පැය කීයද – තීරණය අද රැට

180

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොමැති නිසා අද (24 වැනිදා) පැය පහකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව ‘ඒ’, ‘බී’ සහ ‘සී’ කලාප සඳහා පැය 4 යි විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කරන අතර අනෙකුත් කලාපවලට පැය 4 යි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කෙරේ.

තාප බලාගාරවලට අවශ්‍ය දැවිතෙල්, නැප්තා නොමැති අතර ඞීසල් ද ලැබී ඇත්තේ සුළු ප‍්‍රමාණයකි. තාප බලාගාර අක‍්‍රිය වී තිබීම නිසා ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 450 ක් පමණ අහිමිව ගොස් තිබිණි.

හෙට (25 වැනිදා* දිනයේ තත්ත්වය තීරණය කරන්නේ අද (24 ද) රාත‍්‍රියේ යැයි මහජන උපයෝගිතා කොමිසම කියා සිටී.

කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප‍්‍රදේශයට විදුලිය කපා නොදමා අනෙක් ප‍්‍රදේශවලට විදුලිය කපා හැර තිබීමත් පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි ලැබී තිබිණි.

ඒ අනුව විදුලිය කපා දමද්දී රටේ සියලූ දෙනාට එක ආකාරයකට එය සිදුකරන ලෙස සභාපති ජනක රත්නායක මහතා උපදෙස් දී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment