පොහොට්ටුවේ සභාපති ධුරයෙන් නෙරපූ බව දැනුම් දී නෑ – ජී. එල්. කියයි

38

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් තමා ඉවත්කළ බව මෙතෙක් ලිඛිතව දැනුම්දී නැතැයි නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (06දා) පැවැසීය.

රජයේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව ජීවමාන ඇටසැකිලි බවට පත්වී ඇති බවත් ආණ්ඩුව මොන පුරසාරම් දෙඩුවත් රටේ පවුල් වලින් සියයට 50 කට පමණ තමන්ගේ දරුවන්ට පෝෂ්‍යදායි ආහාර ලබාදිය නොහැකි වී ඇති බවත් ඊයේ (06දා) එම කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.

තාක්‍ෂණික පර්යේෂණ වලින් පෙනී ගොස් ඇත්තේ මෙම රජයට ජනතා සහාය සියයට 10ක් බවත් මැතිවරණයෙන් පසුව රජය නියෝජනය කරන පක්‍ෂ දෙකටම හිමිවන්නේ සියයට 08 ක ප්‍රමාණයක් බවත් ඔහු කීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා තිබූ සියලු බාධාක තුරන් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් කොමිසමට ප්‍රබල සහායක් ලැබුණු බවත් නාමයෝජනා ඉදිරිපත් කළ රාජ්‍ය නිලධාරීන් 3500 කට සිදුවී ඇති අගතියට මැතිවරණ කොමිසම මැදිහත්විය යුතු බවත් පැවසූ පීරිස් මහතා විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද (07දා) මැතිවරණ කොමිසම හමුවන බවද කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment