මහ කන්නයේ වී මිලදී ගැනීම හම්බන්තොටින් අරඹයි

39

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පළමු අදියර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක් පමණ ඉල්ලා තිබෙන බවත් ඉන් මිලියන 100 ක් මේ වනවිට ලැබී තිබෙන බවත් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා පැවසීය.

රජය මගින් වියළි වී කිලෝවක් රුපියල් 100කටත් තෙත වී කිලෝවක් රුපියල් 88කටත් මිලදී ගන්නා බවද ඒ මහතා කීය.

තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, අඟුණකොළපැලැස්ස ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වී කිලෝ මෙටි්‍රක් ටොන් 175,000 ක පමණ අස්වැන්නක් ඇතැයි අපේක්‍ෂා කරන බව කී ඒ මහතා, වී අස්වනු නෙළීම මාර්තු 15 ත් 30 ත් අතර කාලයේදී වැඩිපුර සිදුකරන බව ද පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment