උසස් පෙළ විභාග පෙත්සම් ඉවතට

187

මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 දා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බවය.උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුණු අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment