උද්ඝෝෂණවලදී මාස්ක් නැතිව මයික් එකෙන් කතාකිරීමත් කොවිඞ්වලට අත වැනීමක් – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

226

විශාල පිරිසක් ඒකරාශි කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමේදී මුව ආවරණ නොමැතිව මයික‍්‍රෆෝන ඉදිරියේ උස් හ`ඩින් කතා කිරීම කොවිඞ් වෛරසය අන් අයට පැතිරීමේ නිහ`ඩ අනතුරක් යැයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

ඇය මේ බැව් පැවසුවේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගම්  ශ‍්‍රවණාගාරයේදී සූම් තාක්‍ෂණය ඔස්සේ ඊයේ (01 දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද කීවාය.

රට නැවත විවෘත කර ඇත්තේ කොවිඞ් රෝගය සම්පූර්ණයෙන්ම පාලනය වූ නිසා නොවේ. තවදුරටත් රට වසාගෙන ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි නිසයි.

තවමත් දිනපතා වාර්තා වන කොවිඞ් ආසාදිතයන් ගණන පන්සියය ඉක්මවනවා. මරණ ගණනත් වැඩියි. එනිසා අපි සියලූ දෙනා නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක‍්‍රම අනුගමනය කරමින් සමාජය තුළ හැසිරිය යුතුයි.

ජනතාව ඒකරාශිවන අවස්ථාවලදී මුව ආවරණ පැළඳ නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක‍්‍රම භාවිත කළ යුතුයි. විශේෂයෙන්ම උද්ඝෝෂණ, මංගල සහ අවමංගල උත්සව, ආගමික උත්සවවලදී මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

ජනතාවට පමණක් මේ සඳහා වගකීම පවරා සිටිය නොහැකියි. රජයද සෞඛ්‍ය නිලධාරීන් යොදවා නිසි සෞඛ්‍ය උපදෙස් ජනතාව පිළිපදිනවා ද කියා අධීක්‍ෂණය කළ යුතුයි.

අප වගේ රටවල පොදු ප‍්‍රවාහන සේවයේදී ආසන  ගණනට මගීන් රැුගෙනයෑමේ හැකියාවක් නැහැ. එනිසා ජනතාව හැකි සෑම විටම පොදු ප‍්‍රවාහන සේවයෙන් මිදී තමුන්ගේ පෞද්ගලික ප‍්‍රවාහන පහසුකමක් භාවිත කිරීමට යොමුවුවහොත් පොදු ප‍්‍රවාහන සේවයේ ඇතිවන තදබදය අවම කරගත හැකියි.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment