මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි – අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි

385

22 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය කෙරේ
මොන ප්‍රශ්න තිබුණත් අපි චිත්‍රපට හදනවා

ඔබගේ නවතම සිනමා නිර්මාණය වන මිදුණු විශ්වය එළඹෙන විසි දෙවැනිදා සිට තිරගත කිරීමට සූදානම් කර තිබෙනවා නේද?

22 වැනිදා පටන් Liberty, CCC ඇතුළු Scope, Sell සහ LFD මණ්ඩල සන්ධානයේ සිනමාශාලා රාශියකම දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි - අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි

මිදුණු විශ්වයේ කතා තේමාවත් ආදරයමයි. හැබැයි මෙවර ඔබ එය කියන්න හදන්නේ මාර වෙනස් විදිහකට.

ජීවිතයේ ඒකාකාරී භාවයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට ආදරය ගැන වුණත් කියන්න වෙන්නේ වෙනස් විදියකට. අප ඉස්සරහ තියෙන ආදරය අහිමි වෙච්ච සමාජය ආදරයෙන් පුරවන්නම ඕනේ. හැබැයි ඒක කරන්න වෙන්නෙම ඉතාම නිර්මාණාත්මක ආකාරයකටයි. සම්ප්‍රදායික රාමුගතවීම් එහෙම පිටින්ම ප්‍රතික්ෂේප කරන ප්‍රවේගවත් තරුණ පරපුරක් ඉදිරියේ අපේ සිනමාවේ හැසිරීම මොකක්ද කියන ප්‍රශ්නය මට තිබුණා. සිනමාව හරහා ආදරය බෙදන්නේ කොහොමද කියන ප්‍රශ්නය මට තිබුණා. ආදරය සිනමාවටත් වඩා සංවේදී කාරණාවක් නිසා ඒ වෙනුවෙන් නව මානයක් නිපදවා ගන්නයි මම වෑයම් කළේ.

මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි - අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි

කාලය හරහා ආදරය කරන්න පුළුවන්ද?

කාලය හරහා කරන්න පුළුවන් හොඳම දේ ආදරය කිරීමම තමයි. අදටත් අපි ආදරය කරන මිනිසුන්ගෙන් ගැහැණුන්ගෙන් අතීතය පිරී නැද්ද? හොඳට කල්පනා කර බලන්න, අප ඔවුනට එතරම් ආදරය කරන්නේ ඔවුන් අප කෙරෙහි බැඳුණු ආදරයෙන් අප වෙනුවෙන් කළ කී දෑ නිසා නොවෙයිද? ඒ ආදරයට කොන්දේසි නෑ, විනිශ්චයක් නෑ, වයස් සීමාවක් නෑ.

මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි - අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි

හැබැයි මෙම චිත්‍රපටයේ එන නළු ගුරා (උද්දික ප්‍රේමරත්න) තමන්ගේ සිතිවිලි හරහා රාජිනීව (උදාරි වර්ණකුලසූරිය) සිප ගන්නවා?

ඒ විතරක් නෙවෙයි, ඔහු ඒ සඳහා තම ශිෂ්‍යාවගේ (චූලක්ෂි රණතුංගගේ) මනසත් ශරීරයත් යොදාගන්නවා.

මේ ආදර තේමාව එහෙමත් නැත්නම් මේ plot එක ඔබට මුණගැසෙන්නේ කොහෙන්ද?

කොහෙන්වත් නෙමෙයි මගේ චිත්ත සන්තානයෙන්මයි. හැබැයි මට සිදුවුණා එය පොදු වින්දන සත්තාවට (common sense realism) ගැළපෙන සරල ආකාරයට සකස් කරන්න. එහිදී රාජිනීගේ සිනමා ජීවිතය පිළිබිඹු කරන ආකාරයේ පැරණි ගීත රූපගත කිරීම් වගේම පැරණි කර්ණ රසායන සංගීතයකුත් අප නිපදවා ගත්තා. මේ මුළු සංගීතයම නිර්මාණය කළේ සංගීතඥ නවරත්න ගමගේ.

මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි - අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි
මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි - අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි

නළු නිළියන් තෝරා ගැනීමේදී ලොකු වෙහෙසක් ගැනීමට සිදුවුණාද?

නැහැ. උදාරි, චූලක්ෂි හැරුණාම අනෙක් සියල්ලෝම මා සමඟ වැඩ කළ අය.

ඔවුන්ගේ රූපණ විලාසයන් ඉතා විශිෂ්ට මට්ටමක තිබෙනු ඔබට මිදුණු විශ්වය නැරඹීමෙන් දැකගත හැකියි.

උදාරි, බුද්ධික උද්දික, චුලක්ෂිගේ රඟපෑම් ගැන කතා නොකරම බැහැ.

ඇත්ත, මුලින්ම මම ඔවුන් මෙම චරිත නිරූපණ සඳහා දැක්වූ කැපවීම ගැන කියන්න ඕනෙ. උදාරී රාජිනි මදිරාක්ෂිගේ චරිතයට ප්‍රවිෂ්ට වීම සඳහා හුඟාක් home work කළා. පියානෝ වාදන ඛණ්ඩයන් තමාම පුහුණුවීම සඳහා ඇය බොහෝ විටක් නවරත්න ගමගේ සොයා ගියා. අපේ පැරණි සිනමාව ගැන, එහි තාරකා කලාපය ගැන මගෙන් නිතරම විමසුවා. ඒ දවස්වල මම Dil film studio එකේ Acting Academy එකක් කරමින් සිටියා. වරක් මා උදාරිව ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරටත් ගෙන්වූවා. පැරණි සහ නූතන රූපණ ශෛලීන්වල වෙනස්කම් ඇය හොඳින් වටහා ගත්තා.

උද්දිකව මම හැමවිටම දකින්නේ යම් පැසුණු රොමැන්තික් භාවයක් නිතැතින්ම ප්‍රකාශයට පත්කළ හැකි නළුවෙක් විදිහට. සමස්ත චරිතයේම පවත්නා හැඟීම් සන්දර්භය (emotional context) සැණෙකින් හකුළුවා ගැනීමේ පුදුම දක්ෂතාවක් ඔහුට තිබෙනවා.

බුද්ධික ජයරත්න ඉතාම විශේෂ නළුවෙක්. තම නිළි භාර්යාව විෂයයෙහි ඉතාම පීඩාකාරී ලෙස හැසිරෙන, එහෙත් ඇයට මහත් සේ ප්‍රේම කරන, යම් බුද්ධිමය සද්ගුණයකින්ද යුත් ඩන්කන්ගේ චරිතය සඳහා මා ඔහුව තෝරාගත්තේ කලින් ඔහු සමඟ වැඩ කිරීමේදී මම ඔහු පිළිබඳව තිබූ අවබෝධය නිසාමයි.

චුලක්ෂි ප්‍රකට නිරූපිකාවක් වශයෙන් සිටින කාලයේ තමා මගේ පංතියට ආවේ. ඇයව මා වෙත යොමු කළේ යශෝදා. තම ගුරුවරයාට මහත් සේ ප්‍රේම කරන ඒත් ඒ නිසාම ඔහුගේ අභිරහස් චින්තන ව්‍යාපෘතියකට වැරදි ලෙස භාවිත වන සුමධ්‍යාගේ චරිතයයි ඇය මිදුණු විශ්වයේ නිරූපණය කරන්නේ. ඇයත් මහත් කැපවීමෙන් එය කළා.

මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි - අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි
මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි - අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි

මෙහි අතීතයේ දර්ශන සැකසීම ඉතා සාර්ථක ලෙස සිදු කර තිබෙනවා, ඒ ගැන කතා කළොත්?

තිර රචනයක් ලියන්නට පෙර මා කරන ගවේෂණයේ ප්‍රතිඵල තමයි ඒ. රූපමය වශයෙන් පමණක් නොවෙයි ශබ්දමය වශයෙනුත් අප මෙහිදී කෘතියට බොහෝ දේ එකතු කළා. මගේ කලා අධ්‍යක්ෂවරයා වූ ජයතිස්ස අකුරම්බොඩ ගැනත් මෙහිදී මා සිහිපත් කළ යුතුයි.

මිදුණු විශ්වය ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි - අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි

නිෂ්පාදක රුවන් ජයසිංහ

මිදුණු විශ්වයේ ලොකු වැඩ කොටසක් ඔබ ප්‍රවීන් ජයරත්න ට පවරා තිබෙනවා.

ඔව්. ඔහු තමා මෙහි කැමරා ශිල්පියා ඒ වගේම සංස්කරණ ශිල්පියා. ඊට අමතරව චිත්‍රපටයේ වර්ණ සංයෝජන කාර්යය කළේත් ඔහු තමා. මේ සා විශාල වැඩ කොටසක් ඔහුට පවරන්නට හේතුව මෙම කෘතිය කෙරෙහි ඔහු තුළ වූ මහත් ආදරයයි. ඊට එක් හේතුවක් මා හිතන්නේ ඔහුගේ පියා මා මේ කතා කරන පැරණි සිනමාවේ පතාක යෝධයෙක් වීමයි. ඔවුන් තම වෘත්තීන් අකුරටම ඉටුකළ පරම්පරාවක අය. ඒ ගුණය මා ප්‍රවීන් තුළිනුත් දැක්කා.

මිදුණු විශ්වය, සමනල සංධ්වනියට එහා ගිය සිනමා නිර්මාණයක් කියලා බොහෝ දෙනා පවසනවා.

මටත් බොහෝ දෙනෙක් එහෙම කිව්වා. ප්‍රේක්ෂකයා දැඩි ලෙස ආකර්ෂණය වන ස්වභාවයක් මිදුණු විශ්වයේ තිබෙනවා කියා මමත් හිතනවා.

ඇත්තටම මේ ආදර කතාව කාගේද?

කිසිදිනක එකතු විය නොහැකි එහෙත්, ආදරයෙන් වෙළුණු සියල්ලන්ගේම ආදර කතාවයි.

මෙවැනි ආර්ථික අර්බුද සමයක චිත්‍රපටයක් තිරගත කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි නේද?

සත්තකින් ම එය ඉතා අපහසු කාර්යයක්. ඒ සියල්ලටම වඩා සිනමා කර්මාන්තය තුළ මෙතෙක් පැවති ප්‍රශ්න එසේම තිබෙන ගමන්, තව අලුත් ප්‍රශ්න රාශියක් දැන් පැනනැඟී තිබෙනවා. ඒත් මේ මොනවා තිබුණත් අපි චිත්‍රපට හදනවා. මගේ නිෂ්පාදක රුවන් ජයසිංහ වැනි මහත්වරුන් සිටිනකම් අපි චිත්‍රපට හදනවා. ඔබ කියනවා වගේ මෙහෙම කාලයක චිත්‍රපට හදන්න අපි දෙන්නටම ටිකක් පිස්සු වෙන්න ඇති. ඒත් අමතක කරන්න එපා මේ මොන ප්‍රශ්න තිබුණත් අපි ආදරය කරන, අපට ආදරය කරන විශාල රසික සමාජයක් මේ රටේ තිබෙනවා. අපි මේ සේරම කරන්නේ ඔවුන් වෙනුවෙන්.

මගේ නිෂ්පාදකයා ගැනත් මා මෙහිදී යමක් කිව යුතුමයි. රුවන් තමයි මගේ සමනල සංධ්වනිය නිෂ්පාදනය කළේ. ඔහු ඉතාම සංවේදී කලා රසිකයෙක් වගේම ඉතාම හොඳ නිෂ්පාදකයෙක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment