නිමාලි අද තරඟ බිමට

237

ජගත් කෙළිබිමේ අසිරිමත්ම ක‍්‍රීඩා එකතුව ලෙස අවිවාදිත ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි මලල ක‍්‍රීඩා තරඟ ඉසව් අද (30* ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි ඔලිම්පික් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
 
 මෙරට වේලාවෙන් පෙරවරු 05.30 ට පැවැත්වෙන කාන්තා මීටර් 100 මූලික වටයේ තරගවලින් මෙවර මලල ක‍්‍රීඩා තරගාවලිය ආරම්භ කෙරේ. අද (30* ප.ව. 05.00 ට පිරිමි මීටර් 10,000 අවසන් තරගය පැවැත්වෙන අතර අද දිනට නියමිත අනෙකුත් සියලූ ඉසව් මූලික වටයට අයත් තරග ලෙස පැවැත්වේ.
 
 ජවන සහ පිටිය ඉසව්වලින් සහ ඇවිදීමේ තරගවලින් මලල ක‍්‍රීඩා තරගාවලිය සැදුම්ලත් වන අතර එය අගෝස්තු 08 දින දක්වා ක‍්‍රියාත්මක කෙරේ. මෙවර සමස්ත ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි සමාප්තිය සනිටුහන් වන්නේ ද 08 දිනය. එදින පෙරවරු 03.30 ට පිරිමි මැරතන් තරගය පමණක් පැවැත්වේ.
 
 පිරිමි තරග ඉසව් 24 කින් සහ කාන්තා තරග ඉසව් 23 කින් සමන්විත වන මෙවර ඔලිම්පික් මලල ක‍්‍රීඩා තරගාවලියට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව දෙදෙනෙකි. ඒ යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි ය. වර්ෂ 125 ක ඉතිහාසයකට හිමිකම් කියන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වී ඇත්තේ ද යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි නියෝජනය කරන මලල ක‍්‍රීඩාවෙනි.
 
 1948 ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී පිරිමි මීටර් 400 කඩුලූ මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඩන්කන් වයිට් සමත්වූ අතර 2000 සිඞ්නි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සුසන්තිකා ජයසිංහට හැකි වූවාය.
 
 ශ‍්‍රී ලංකාව නියෝජනය කරන නිමාලි ලියනාරච්චි අද (30* පෙ:ව: 07:19 ට කාන්තා මීටර් 800 ඉසව්වේ සිව්වන මූලික තරගය සඳහා ඉදිරිපත් වේ.
 
 කාන්තා මීටර් 800 ඉසව්ව මූලික තරග 06 කින් සැදුම්ලත් වන අතර එහිදී තරග නිමි අඩුම කාලය සටහන් කරන ක‍්‍රීඩිකාවන් 24 අවසන් පූර්ව වටයට තෝරා ගැනේ. සෑම මූලික තරගයක ම පළමු ක‍්‍රීඩිකාවන් තිදෙනා සහ සෙසු තරගකාරියන් ගෙන් හොඳම කාලය සටහන් කරන 06 දෙනා අවසන් පූර්ව වටය සඳහා නම් කිරීම ජාත්‍යන්තර පිළිවෙත වේ.
 
 මෙම ඉසව්වේ අවසන් තරගය අගෝස්තු 03 දින පස්වරු 05.55ට පැවැත්වීමට නියමිතය. මිනිත්තු 2.02.58 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් 87 ස්ථානය හිමි නිමාලි ලියනාරච්චි සමග ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව අංක 04 ස්ථානයේ රැුඳී සිටින ඇමරිකා එක්සත් ජනපදයේ රොවේන් රොජර්ස් තරග වදී.
 
 අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment