ඉන්දීය ධීවරයන් 24කට අත්හිටුවූ සිරදඬුවම්

52

තවත් අයෙක් මාස හයකට ඇතුළට

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකුගෙන් විසි හතර දෙනෙකුට යාපනය ඌර්කාවතුරේ මහෙස්ත්‍රාත් ජේ. ගජනිතිබාලන් මහතා විසින් වසර එකහමාරක සිරදඬුවමක් වසර පහකට අත්හිටවූ අතර තවත් ධීවරයකුට මස 6ක සිර දඬුවමක් නියම කළේය.

මාස හයක සිර දඬුවමක් නියම කරන ලද්දේ ව්‍යාපාරික බලපත්‍රයක් නොමැතිව බෝට්ටුවක් පැද වූ ඉන්දීය ධීවරයකුට එරෙහිවය.

අනෙක් ධීවර බෝට්ටුව පැද වූ තැනැත්තාට සියලු සහතික තිබූ නමුත් රටේ පවත්නා ධීවර නීතියට අනුව ඉන්දීය ධීවරයින් පැමිණි බෝට්ටු දෙකම රාජසන්තක කළේය. මෙම ධීවරයින් 25 දෙනා හා ඔවුන් පැමිණි බෝට්ටු දෙකක් නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබුණේ 2024 මාර්තු මස 21 වෙනිදාය.

ඉන්දීය ධීවරයන් 24කට අත්හිටුවූ සිරදඬුවම්

රාජසන්තක කළ බෝට්ටු දෙක නාවික හමුදා බාරයේ රඳවා ගන්නා ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නිදහස් කළ ඉන්දීය ධීවරයන් 24 දෙනා ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙස නාවික හමුදාවට හා යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment