ඉන්දීය සබ්මැරීනය ශ්‍රී ලාංකියෝත් නරඹති

2089

ඉන්දියානු නාවික හමුදාවට අලුතින්ම එක් වූ කල්වරි පන්තියේ දේශීයව නිපදවන ලද INS වාගීර් සබ්මැරීනය විසින් විදේශ වරායක් වෙත සිදු කරන ලද ප්‍රථම සංචාරය ලෙස කොළඹ වරායට ඉකුත් 19 වැනිදා පැමිණි අතර එය නැරඹීමට මහජනතාවටද අවස්ථාව උදාවිය.අද දක්වා පාසල් දරුවන්, බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන්, ජාතික ශිෂ්‍ය භට බලකා සාමාජිකයන්, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නැරඹීමට අවස්ථාව ලැබුණි. එසේම එයට ගොඩවීමේ දුර්ලභ අවස්ථාව ද ඔවුන්ට හිමි විය. INS වාගීර් සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය කොළඹ පාසල් දරුවන් ද හමු වූ අතර පාසල් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ද තිළිණ කළේය. මෙම සංචාරය ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය සහ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම අනුව අසල්වැසි රාජ්‍යයන් දෙකෙහි නාවික හමුදාවන් අතර සහෝදරත්වය සහ එකමුතුභාවය ඉහළ නැංවීමට ඉවහල් වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment