උදාවන සතියේ ඔබේ දෛවය

758

නොවැම්බර් 21 සිට

මේෂ –

ඔබේ ලග්නාධිපති කුජ හත්වැන්නේ තැන්පත්ව සිටින අතර සඳු දෙවැන්නේ සිට ගමන් ආරම්භ කරනවා. ධනය පිළිබඳව තත්ත්වය සතුටුදායකයි. ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන ලාභ ලැබෙයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. රවි අටවැන්නේ ගමන් කරන මේ දිනවල ඌෂ්ණාධික රෝග රුධිර ධාවනය පිළිබඳ ගැටලූ වලින් ප‍්‍රවේශම් වෙන්න. ආලෝක පූජා කිරීම, සූර්ය පිරිත භාවිත කිරීම ආදියෙන් අපල දුරුවේවි.

සුබ පාට කහ, සුබ අංකය 5.

වෘෂභ –

සඳු ලග්නයේ උච්ඡුව උදාවන මේ සතිය මුලදී හිතේ සතුටට කාරණා යෙදෙයි. උනන්දුව උත්සාහය වැඩි වෙයි. පසුගිය දිනවල තිබුණු ප‍්‍රශ්නයකට විසඳුම් ලැබෙයි. අසනීපයන් තිබුණා නම් සුව අතට හැරෙයි. කොහොම වුනත් ලග්නාධිපති අටවැන්නේ ගමන් කරන මේ දවස්වල තනි තීරණ ගැනීමෙන් වළකින්න. විශේෂ දෙයක් කරනව නම් උපදෙස් මත තීරණ ගැනීම හොඳයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න පුළුවනි. විනෝදාංශ පාලනය කරගන්න.

සුබපාට සුදු/ක‍්‍රීම්, සුබ අංකය 02.

මිථුන –

ඔබේ ලග්නාධිපති බුධ රවිත් එක්ක හයවැන්නේ ගමන් කරන නිසා උනන්දුව ධෛර්යය ඉහළ යන බව පේනවා. උසස් අයගේ, උදව් උපකාර ලැබේවි. නීතිමය අංශවල ගැටලූවක් තිබුණා නම් ඒකට විසඳුම් ලැබෙන බවත් පේනවා. සාර්ථකව කරගෙන ගිය වැඩවලට බාධාවන් ඇති වුණත් ඒවා ජයගන්න පුළුවන් වෙයි. සෙම් රෝග වගේ අසනීප වලින් ප‍්‍රවේශම් වෙන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිත කරන්න.

සුබ පාට කහ, සුබ අංකය 05.

කටක –

සඳු බලවත්ව ගමන් කරමින් උදාවන මේ සතිය ඔබට යහපත් ආදායම් තත්ත්වයක් පෙන්වනවා. රැුකියා, ව්‍යාපාර අංශ වල තත්ත්වය සතුටුදායකයි. යහපත් මිතුරු මිතුරියන් එක්ක සතුටින් කාලය ගතකරන්න අවස්ථාව උදාවෙයි. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නෑ. කටක හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තිබුණ බාධා ඉවත් වේවි. දිනපතා ආගම සිහිකරල ටික වේලාවක් මෙත් වඩන්න.

සුබ පාට සුදු, සුබ අංකය 02.

සිංහ –

සතිය ආරම්භයේ සඳු බලවත්ව ගමන් කරමින් ඔබේ කේන්ද්‍රයේ කර්මස්ථානය ශක්තිමත් කර ඇති නිසා බලාපොරොත්තු සාර්ථක වෙයි. හිතේ තියෙන සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට පහසුකම් ලැබෙනවා. ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. විදේශ සබඳතා මත කෙරෙන දේවල් වලට තියෙන බාධා ඉවත් වෙයි. විවාහ යෝජනා පිළිබඳ කටයුතු වලට සුබදායකයි. අඹු – සැමි සමගිය ඇතිවෙයි. විවාහ සහකරුටද සුබ බව පේනවා. දිනපතා ජය පිරිත කියල වැඩ පටන් ගන්න. සුබ දේවල් භාවිතා කරන්න.

සුබ පාට රෝස, සුබ අංකය 03.

කන්‍යා –

බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ පසුගිය දිනවල තිබුන ගැටලූවක් විසඳෙයි. ඔබට අසනීප තත්ත්වයක් තිබුණා නම් ඒක සුව අතට හැරෙයි. වාසනාව උදාවෙයි. ආගම දහම ගැනත් වෙනදට වඩා හිත යොමුවෙයි. උසස් අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්න කරුණු යෙදෙයි. විභාග වලින් සමර්ථ වෙන්න පුළුවන්. ගුරු දශාගත කරන අය ශරීර සුවතාවය ගැන සැලකිලිමත් වෙන්න. ‘අත්තරාය නිවාරණ පිරිත’ භාවිතා කරන්න.

සුබ පාට සුදු ක‍්‍රීම්, සුබ අංකය 02.

තුලා –

උදාවන සතිය මිශ‍්‍රපලදායක බව පේනවා. සඳු අටවැන්නේ ගමන් කරන නිසා තරමක බාධා ඇතිවෙන්න පුළුවන්. ඒත් බරපතළ ප‍්‍රශ්න නෙවෙයි. කොහෙම වුණත් ඔබ සෙම් රෝග ගැන සැලකිලිමත් වෙන්න. වතුරෙන් ප‍්‍රවේශම් වෙන්න. වියදම් ඉහළ යන බව පේනවා. මේ නිසා පවුලේ වියදම් පාලනය කර ගැනීම අවශ්‍ය වෙනවා. සති මැද වෙනකොට තත්ත්වය සුබ අතට හැරෙයි. රැුකියා ව්‍යාපාර වලට තිබුණ බාධා ඉවත් වෙයි. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙයි. හිතේ සතුට ඇතිවෙයි. දිනපතා මෙත්වඩල දවස ආරම්භ කරන්න.

සුබපාට මිශ‍්‍රලා, සුබ අංකය 06.

වෘශ්චික –

ගෘහ ජීවිතය සතුටුදායක බවත් වෘශ්චික ලග්නයට පේනවා. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා ගැන බලන්න මේ සතිය සුබයි. ඊයේ සිදුවුණු ගුරු මාරුව ඔබේ ගෘහජීවිතය සුබ අතට හරවයි. කොහොම වුණත් ලග්නපති කුජ ඔබේ කේන්ද්‍රයේ දොළහේ ගමන් කරන නිසා තරමක් බාධා ඇතිවෙන්න ඉඩ තිබෙනවා. ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින්න. අනතුරු වලින් ප‍්‍රවේශම් වෙන්න. බිරිඳ නැත්නම් සැමියාට සුබදායකයි. දිනපතා මෝර පිරිත භාවිත කරන්න.

සුබපාට සුදු, ක‍්‍රීම්, සුබ අංකය 02.

ධනු –

ඔබට උදාවන සතිය මිශ‍්‍රපලදායක බව පේනවා. තරමක් අවිවේකී වෙන්න පුළුවනි. ඊයේ සිදුවුන ගුරු මාරුව ඔබට කාර්ය බහුල බව ඇතිකරයි. භාග්‍යය, වාසනාව ගැන නොව තමන් ගැනම විශ්වාසය තියල වැඩකරන්න බලන්න. එහෙම කරනකොට බාධා ජයගන්න පුළුවනි. දරුවන් ගැන හිතල සතුටුවෙන්න පුළුවන් බව පේනවා. රවි ගුරු දශා ගතකරන අය ශරීර සුවතාවය ගැන සැලකිලිමත් වෙන්න. මෛත‍්‍රී භාවනාව ප‍්‍රගුණ කරන්න.

සුබ පාට කහ තැඹිලි, සුබ අංකය 05.

මකර –

ඔබේ ලග්නය මකර නම් මේ දිනවල ලග්නාධිපති සෙනසුරු ලග්නයේ බලවත්ව ගමන් කරන නිසා සතුටුදායක ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයි. උනන්දුව ධෛර්යය වැඩිවෙයි. උසස් අයගේ උදව් උපකාර ලබාගන්න පුළුවන් වෙයි. නීතිමය ගැටලූ වලට විසඳුම් ලැබෙයි. රැුකියා ව්‍යාපාර සතුටුදායකයි. ඉගෙනීමේ කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙයි. මංගල යෝජනා ස්ථිර කර ගන්නත් සුබ කාලයක් බව පේනවා. සැලසුම් කරල වැඩකළොත් බොහෝ දේ සාර්ථක වෙයි.

සුබ පාට ලානිල්, සුබ අංකය 07.

කුම්භ –

ඊයේ සිදුවුනු ගුරු මාරුව නිසා කුම්භ ලග්න හිමියන්ට තරමක සහනදායක කාලයක් උදාවන බව පේනවා. අසනීප තත්ත්වයන් තිබුන නම් සුව අතට හැරෙයි. හිතේ සතුට ඇතිවෙයි. පසුගිය දිනවල තිබුන අධික වියදම පාලනය කරගන්න පුළුවන් වෙයි. රැුකියා ව්‍යාපාර අංශ වලත් සතුටුදායක තත්ත්වයන් පේනවා. උසස් අයගෙන් උදව් ලැබේවි. උත්සාහය උනන්දුව වැඩිවේවි. හැබැයි තවමත් සෙනසුරු ඒරාෂ්්ඨකව ගමන් කරන නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිත කරන්න.

සුබපාට මිශ‍්‍ර ලා, සුබ අංකය 06.

මීන –

සඳු බලවත්ව ගමන් කරමින් උදාවන මේ සතිය ආරම්භයේ ඔබේ උනන්දුව උද්‍යෝගය ඉහළ යන බව පේනවා. මේ නිසා බලාපොරොත්තු ඉටුකරන්න අමාරු නැති බව පේනවා. සහෝදරයකු ගැන සුබදායක ආරංචියක් ලැබෙන්න පුළුවනි. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙයි. දරුවො ගැන හිතල සතුටුවෙන්න පුළුවන් වෙයි. ආයෝජන වලින් ලාභ ලැබෙයි. ඔබේ ලග්නාධිපති ගුරු දොළොස්වැන්නට ඊයේ මාරු වුණා. මේ නිසා ශරීර සනීපය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. දිනපතාම ආගම සිහිකරලා ටික වේලාවක් මෙත් වඩන්න.

සුබ පාට සුදු, ක‍්‍රීම්, සුබ අංකය 02.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment