පොඩ්ඩො වැඩ්ඩො කරන අලුත්ම රියැලිටිය මෙන්න Elephant House Super Heroes

259

සිරස කියන්නෙ කවදත් තමන්ගේ ප්‍රේක්‍ෂකයන්ට අලුත් යමක් දෙන්න උත්සාහ කරන නාළිකාවක්. ජාත්‍යන්තර රියැලිටි වේදිකාවේ අත්දැකීම් ලංකාවේ ප්‍රේක්‍ෂකයන් අතරට රැගෙන ආ සිරස මෙවර එලිෆන්ට්හවුස් ආයතනයේ සංකල්පයකට අනුව ඩයලොග් සවිබලගැන්වීමත් එක්ක අලුත්ම රියැලිටි වැඩසටහනක අත්දැකීමක් ප්‍රේක්‍ෂකයන්ට ලබාදෙන්නට කටයුතු කරල තියෙනව.

මේ වැඩසටහන නම් කරල තියෙන්නෙ Elephant House Super Heroes Powered by Dialog කියල.

පොඩ්ඩො වැඩ්ඩො කරන අලුත්ම රියැලිටිය මෙන්න Elephant House Super Heroes

මෙහි අරමුණ වෙන්නෙ විවිධ දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ වූ දරුවන් ලොවට හඳුන්වා දීමයි. මෙහිදී අංශ තුනක් යටතේ වයස අවුරුදු 12ත් 21ත් අතර දරුවන්ගේ දක්‍ෂතා අගැයීමට ලක්කෙරෙනවා.

  1. සුපර් Innovator (නව නිර්මාණ සිදුකර ඇති හෝ දැනට පවතින භාණ්ඩයකට/යන්ත්‍රයකට හෝ යෙදවුමක් වැඩිදියුණු කිරීමක් සිදුකළ දරුවන් අගැයීම)
  2. සුපර් ඕකැබඑ (ඕනෑම සුවිශේෂී හැකියාවක් හෝ සෞන්දර්යාත්මක හැකියාවක් ඇති දරුවන් අගැයීම)
  3. සුපර් Responsible (සමාජයට වටිනා මෙහෙයක් කර ඇති හෝ දැනට දායක වෙමින් සිටින දරුවන් අගැයීම)

වැඩසටහන් 25ක් පුරාවට දිගහැරෙන Elephant House Super Heroes Powered by Dialog වැඩසටහන ක්‍රියාත්මක වෙන්නෙ අදියර හතරකින්.

මෙම වැඩසටහනේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ සාම්ප්‍රදායික රියැලිටි වැඩසටහන්වල ඇති විනිශ්චය මණ්ඩය වෙනුවට උපදේශක මණ්ඩලයක් විසින් දරුවන්නේ හැකියාවන් වැඩිදියුණුකරගැනීම සඳහා මගපෙන්වීම.

යසස් හේවාගේ” ආචාර්ය ලීලාංග සෙනෙවිරත්න සහ රංගන ශිල්පිනී උමාලි තිලකරත්න මෙම උපදේශක මණ්ඩලයේ කටයුතු කරනු ලබන අතර රංගන ශිල්පිනී මිශෙල් දිල්හාරා විසින් වැඩසටහන ඉදිරිපත් කරනු ලබනවා.

මහේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment