දෙවියන් යදිමින් සිටි වයෝවෘද්ධ කත – ටිපර් මාරයාට බිලි

448

යාපනයේ නීර්වේලී ප්‍රදේශයේ කෝවිලක දෙවියන් වඳිමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් ටිපර් රථයක ගැටීම නිසා සිද්ධිය වූ ස්ථානයේදීම ඉකුත් 24 දා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ නීර්වේලී බටහිර ප්‍රදේශයේ පදිංචි තනබාලසිංහම් මහේෂ්වරී නමැති 73 හැවිරිදි කාන්තාවකි.

ඇය කෝවිලේ දෙවියන් වඳිමින් සිටියදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් පාරෙන් ඉවතට පැන කාන්තාවද යට කරගෙන ඉදිරියට ධාවනය වී තිබේ. ටිපරයේ ගැටුණු කාන්තාව බිම ඇද වැටී මීටර් 30 ක් පමණ දුරකට රථය සමග ඇදීගොස් පසුව

මියගොස් තිබේ. අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් කෝපායි පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment