වර්ණ අන්ධභාවය සුවකරන රහස් බෙහෙතක්

384

අද දවසේ අපි සාකච්ඡුා කරන්නේ ජානමය ඇස් රෝග සුවපත් කළ හැකිද යන්නයි.

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර – උපතින්ම එන අන්ධභාවය හැර සෙසු අක්‍ෂි රෝග සියල්ලම පාහේ සුව කිරීමේ ප‍්‍රතිපාදන සාම්ප‍්‍රදායික ඖෂධවේදය සතුව තිබෙනව. මොකද මේ රෝග කිසිවක් පැරණි රෝග නොවෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ රෝග තිබුණා. අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ රෝගවලට ප‍්‍රතිකාරයන් කෙරුණා.

වසර දහස් ගණනක් පැරණි ඒ දැනුම අදටත් තිබෙනවා. ජානමය හේතු මත මිනිසාට වැලඳිය හැකි රෝග ගණන 6000 ක් පමණ වෙනවා.

ප‍්‍රශ්නය – වර්ණ අන්ධභාවය කියා අක්‍ෂි රෝගයක් තිබෙනවා නේද? කුමක්ද මේ රෝගය?

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර – වර්ණ අන්ධභාවය (Colour Blindness) කියන්නේ අන්ධභාවයක් නොවෙයි. නිල්, කහ, කොළ, රතු යන වර්ණ ඒවාට හිමි සැබෑ වර්ණයන් හඳුනා ගැනීමට බැරි වීමයි. බොහෝ විට මෙය එන්නේ ජානමය උරුමයෙන්. මෙය වැඩිපුරම හටගන්නේ පිරිමින් තුළයි. මේ රෝග ඇති වැඩි දෙනකුට රතු සහ කොළ වර්ණ හරියාකාරවම පෙනෙන්නේ නැහැ. පිරිමින් 8% ක් වර්ණ අන්ධභාවයෙන් පෙළෙන විට කාන්තාවන්ගෙන් 1% ක් විතරයි මේ රෝගයෙන් පෙළෙන්නේ.

ප‍්‍රශ්නය – වර්ණ අන්ධභාවය හටගන්නේ කොහොමද?

වර්ණ අන්ධභාවය සුවකරන රහස් බෙහෙතක්

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර – ඇසේ දෘෂ්ටි විතානයේ තිබෙනවා ඉතාම සංවේදී ෙසෙල වර්ගයක්. මේවා ආලෝකයට සංවේදී ෙසෙල. එක්තරා අවස්ථාවකදී මේ ෙසෙලවලට බැරි වෙනවා ආලෝකයේ තිබෙන තරංග ආයාමවල ඇති වෙනස්කම් හැඳින ගන්නට. වර්ණයක් හැදෙන්නේ ආලෝකයේ තිබෙන මේ කියන තරංග ආයාමවල වෙනස්කම් වලිනුයි. ඒ අනුව එවැනි අයට වෙනත් වර්ණ පෙනෙන්නට පටන් ගන්නවා. දෘෂ්ටි විතානයේ තිබෙනවා කුඩා තන්තු සමූහයක්. සාමාන්‍යයෙන් මනුෂ්‍ය දෘෂ්ටි විතානයක මෙවැනි තන්තු මිලියන 100 ක් විතර තිබෙනවා. මේවා අතර තිබෙනවා කුඩා තුඩු මිලියන 7 ක ප‍්‍රමාණයක් ඒවා ඉතාම සංවේදියි. ආලෝකය උරාගැනීම සිදුකරන්නේ මේ කුඩා තුඩු මගින්.

(ලබන සතියේ තව කොටසක්)

නොමිලේ විස්තර සඳහා 0711413348

advertistmentadvertistment
advertistmentadvertistment