වළල්ලාවිට පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රධාන මාර්ග 9ක් ජලයෙන් යටවෙයි

78

කුකුලේගඟ වාන් දොරටු 2ක් අරියි

පසුගිය දිනවල පැවති අයහපතක් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ ප්‍රධාන මාර්ගවල ස්ථාන නවයක් ජලයෙන් යටවීමෙන් විශාල පිරිසක් ප්‍රවාහන කටයුතු වලදී පීඩාවට පත්ව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

වළල්ලාවිට පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රධාන මාර්ග 9ක් ජලයෙන් යටවෙයි

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹල, නාලියද්ද, ඉහළ වෙල්ගම සහ කල්ලුමලේද, වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළකන්ද ප්‍රදේශද, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිදලන, දිග්ගොඩ, අලපොතුමුල්ල සහ අඳකුඹුරද ජලයෙන් යටවී ඇති බව සඳහන් වේ. කල්ලුමලේ පාලම අසල කොටස අඩි 8 ක් පමණ ජලයෙන් යටවී ඇති බවත්, සෙසු ස්ථාන අඩි 1 සිට 6 දක්වා යටවී ඇති බවත් එම ඒකකය කියයි. අඳකුඹුර, අලපොතුමුල්ල, නාලියද්ද, දඹල, මිදලන සහ ඉහළ වෙල්ගම යන ස්ථානවලට මගීන්ගේ පහසුව සඳහා අගුල් යෙදවීමට ආපදා නිලධාරීන් කටයුතු කර තිබේ.
වාද්දුව – සුමිත් පොතුපිටිය

වළල්ලාවිට පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රධාන මාර්ග 9ක් ජලයෙන් යටවෙයි
advertistmentadvertistment
advertistmentadvertistment