මහින්දට – ගෝඨාට සම්බාධක දාන්න මුල්වුණු සැඟවුණු චරිතය?

147

කැනඩා රජය හිටිහැටියේම හිටපු ජනපතිවරුන්වූ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂටද සැරයන් සුනිල් රත්නායක සහ නාවික කොමදෝරු චන්දන ප්‍රසාද්ට සම්බාධක පනවනු ලැබීය. මේ සම්බාධක පැනවීම කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෙතද දැනුම් දුන්නේ නැත.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ඔවුන්ට එල්ල විය. එහෙත් ලොව කිසිදු රටක් මානව හිමිකම් චෝදනාවලට ඔවුන්ව වරදකරු කර නැත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද ඔවුන්ව වරදකරුවන් කර නොතිබුණි. එසේනම් හිටපු ජනපතිවරුන් වරදකරුවන් වූයේ කෙසේද?

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ශ්‍රී ලාංකික ආරංචි මාර්ග පැවසුවේ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ සමීපතම ආධාරකරුවෙකුගේ දැඩි බලපෑම මත එම සම්බාධක පනවා ඇති බවය. වසර කීපයක් තිස්සේ ජිනීවා මානව හිමිකම් සමුළුවලට පැමිණ ගැරී ආනන්ද සංගරී මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය සහ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්වමින් ඔවුන්ව වරදකරුවන් කළේය.

මෙයට මාස කීපයකට පෙර ගැරී කැනඩා රජයෙන් ඉල්ලීමක් කරමින් හිටපු ජනපතිවරුන්ට සම්බාධක පනවන ලෙස ඉල්ලා සිටියේය.

මහින්දට - ගෝඨාට සම්බාධක දාන්න මුල්වුණු සැඟවුණු චරිතය?

එම ඉල්ලීම දැන් ඉටුවී ඇත. ගැරීගේ ඉල්ලීම මත කැනඩා පාර්ලිමේන්තුව ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බව දැක්වෙන පනත සම්මත කළේය.

කැනඩා ආර්ථික පනත යටතේ මෙම සම්බාධක පනවනු ලැබීය.

එහෙත් කැනඩාවේ පසුබිම කුමක්ද?

  1. ප්‍රභාකරන්ට අවි ආයුධ මිලට ගැනීමට ඩොලර් මිලියන 4.55 ක මුදලක් සැපයුවේ කැනඩා ද්‍රවිඩ සංවිධානයයි. ස්ටුවට් බෙල්
  2. කොටුවේ මහ බැංකුව පිපිරවීමට යුක්රේනයේ රුවෙන්ඩෝ රාසයන ද්‍රව්‍ය කම්හලින් ටී එස් ටී සහ ආර් ඩී එක්ස් පුපුරණ ද්‍රව්‍ය මිලයට ගනු ලැබුවේ වැන්කුවර්හි ද්‍රවිඩ සංගමයයි.
  3. කොටි ආයුධ ප්‍රවාහන නෞකා ජාලයේ ප්‍රධානි රවි ශංකර්ට දේශපාලන රැකවරණ සැපයුවේ කැනඩාවයි.
  4. වන්නියේදී අසුවූ කැනඩා ද්‍රවිඩයන් සිව්දෙනා මුදාගත්තේ කොළඹ කැනඩා මහකොමාසාරිස් කාර්යාලයයි.
  5. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුට දේශපාලන රැකවරණ ලබාදීමට කැනඩාව ක්‍රියා කළේය.
  6. කැනඩා පොලිසියේ ඔසුලාකි මෙහෙයුම යටතේ කොටින්ට කැනඩාවේ සිට අවි ආයුධ මිලයට ගැනීමට අරමුදල් සැපයෙන බව සොයා ගැනුනි.
  7. කැනඩා ද්‍රවිඩ ජාලය මෙහෙයවන්නේ ප්‍රභාකරන් යයි කැනඩා පොලිසියේ කෝප්‍රල් ඩේවිඩ් කිව් සොයාගෙන තිබුණි.

කැනඩාවට එල්ල වූ යුධ අපරාධ චෝදනා මෙසේය.

  1. ඔස්ට්‍රේලියානු භටයන්ට යුධ අපරාධ සිදුකිරීම සඳහා සහය වීම.
  2. 2002-2006 කැනඩා ද්‍රවිඩ ජාලය කොටින්ට වසරක් පාසා ඩොලර් මිලියන 3 ක් යැවීම
  3. සෙඩොට් නමැති රාජ්‍ය නොවන සංවිධාන ගම්මානයේ තිබී ප්‍රභාකරන්ගේ බංකරය හමුවීම
  4. කැනඩා සෙබළුන් යුද අපරාධ කළ බව කැනඩා ආරක්‍ෂක ඇමැති කොල්නෙට්ගේ පිළිගැනීම
  5. ඊට සම්බන්ධ කැනඩා ගුවන් බළකාය ඔහු විසින් විසුරුවාහැරීම.

මේ අතර කැනඩා රජයට අදාළ තොරතුරු ස්ටුවට් බෙල් තවදුරටත් හෙළිකර ඇත.

ස්ටුවට් බෙල් දක්වන්නේ කොටි ගරිල්ලන් 8000 කට දේශපාලන රැකවරණ ලබාදී ඇති බවයි.

ස්නෝටයිගර්ස් හෙවත් හිම කොටි නමැති ග්‍රනථයේ ඒ බව දක්වා තිබේ. කැනඩාවේ සිට අවි ආයුධ මිලයට ගැනීමට කැනඩා ද්‍රවිඩ සංවිධාන සෘජුව අරමුදල් යවා ඇත්තේ ස්විට්සර්ලන්තයටය. එම මුදල් ඩුබායි හරහා සිංගප්පූරුවට සහ මැලේසියාවට යවන අතර අවි ඒජන්තවරු එම මුදල් වලින් අවි මිලයට ගනිති. කොටි සංවිධානයේ ප්‍රධාන අවි ප්‍රවාහක රවි ශංකර් හෙවත් සංගිලි අද කැනඩාවේ සිටී.

වව්නියා අධිකරණය විසින් අවි ආයුධ ප්‍රවාහනය ගැන ඔහුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කළේය. සංගිලි කැනඩාවට පැන ගියේය. ඔහුව ශ්‍රී ලංකාවට බාරදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම කැනඩාව ඉවත දැමීය.

මේ අතර ස්ටුවට් බෙල් මෙසේද ප්‍රකාශ කර ඇත.

මහින්දට - ගෝඨාට සම්බාධක දාන්න මුල්වුණු සැඟවුණු චරිතය?

කැනඩා පොලිසිය ඔසුලානි මෙහෙයුම තුළින් කොටි සහ කැනඩාව අතර පැවැති සබඳතා රැසක් හෙළිකර ගෙන තිබුණි. ගුවන් යානා නාශක මිසයිල, තමන්ට අවශ්‍ය බව දක්වා ප්‍රභාකරන් කැනඩාවට එවූ ලිපිය පවා හමුවුණි.

කෆීර් ප්‍රහාරක යානාවලට ප්‍රහාර එල්ල කිරීමට එම මිසයිල ලබාදෙන ලෙස ප්‍රභාකරන් ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් ඔසුලානි මෙහෙයුමේ තොරතුරු කැනඩා රජය වසන් කළේය. ඊට සම්බන්ධ කිසිවකුට නඩුවක් ගොනුවූයේ නැත. ඊට හේතුව 240000 කට අධික ද්‍රවිඩ ඩයස්පෝරාවේ දැඩි බලපෑම් නිසාය. මේ පසුබිම මැද හිටපු ජනපතිවරුන්වූ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂට මානව හිමිකම් චෝදනා එල්ල කළ හැකිද?

මරාගෙන මැරෙන බෝම්බකරුවන්, ආර් ඩී එක්ස් පුපුරණ ද්‍රව්‍ය සැපයුවන්ට පවා කැනඩාවේ දේශපාලන රැකවරණ ලබාදී ඇත. සන්සි නමැති කොටි නැවේ කොටි 78 ක් සිටි බව හෙළිවිය. එම කොටි ශ්‍රී ලංකාවට එවීමට කැනඩාව ක්‍රියා කළේ නැත.

මෙවන් පසුබිමක් මැද කැනඩාව අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක් බව තහවුරුවේ. ශ්‍රී ලංකා රජය කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් පත්කළ විට කොටි ඩයස්පෝරාව ඊට එරෙහි විය. ඩයස් කළ වැරැද්ද කෆීර් යානා ගුවන් හමුදාව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමයි. එසේම ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමාසරිස් ඩේවිඩ් මැකෙන්සි මෙරට කටයුතුවලට සෘජුව මැදිහත්වූවත් ශ්‍රී ලංකා රජය ඔහුට එරෙහිව නිසි පියවර ගත්තේ නැත.

මේ පසුබිම මැද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්ද සංගරීගේ පුත්‍රයකු වූ ගැරී ආනන්ද සංගරී කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ උපදේශක ලෙස ද ක්‍රියා කරයි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ යාපනයට ගොස් ශ්‍රී ලංකා හමුදාවට යුධ අපරාධ පිළිබඳ දඬුවම් කළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා රජය පියවරක් ගත්තේ නැත.

එසේම ශ්‍රී ලංකා රජය තහනම් කළ කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයේ තහනමද අහෝසිකර එහි නායකයන්ට මෙරටට ඒමට ඉඩ දුන්නේය.

මේ අතර කැනඩාවේ අවි ආයුධ සහ සන්නිවේදන උපාංග රැසක් වන්නි මෙහෙයුමේදී අසුවිය. එහෙත් ශ්‍රී ලංකා රජය ඒ ගැන කැනඩා රජයෙන් විමසුවේ නැත. මේ පසුබිම මැද කැනඩා දේශපාලකයන් පිරිසක් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් අසමින් කැනඩා සෙබළුන් ඇප්ගනිස්තානයේදී ඔස්ට්‍රේලියානු භටයන් සමඟ එක්වී යුධ අපරාධ සිදුකිරීම ගැන ප්‍රශ්න කළ අතර ඊට අද වනතුරු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මේ හැර කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් 6000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය විය. එය යුද අපරාධයක් ලෙස පිළිගැනීමට ලක්වූයේ නැත. මේ පසුබිම මැද කැනඩාවට එල්ල වූ මානව හිමිකම් උල්ලංඝන චෝදනා පිළිබඳව අද වනතුරු විමර්ශනයට ලක්වී නැත. යුද අපරාධ චෝදනා එල්ල වූ කැනඩා ගුවන් සේනාංකය විසුරුවාහැරීම පමණක් සිදුවූවත් හිටපු ආරක්‍ෂක අමාත්‍ය නොල් හෙට්ටේ එම සේනාංකයට දඬුවම් කළේ නැත.

මේ අතර කැනඩාව පනවා ඇති සම්බාධක යටතේ හිටපු ජනපතිවරුන්ට බලපාන කරුණු මෙසේය.

කැනඩා පුරවැසියන් සමඟ සබඳතා පැවැත්වීම තහනම්

මූල්‍ය වෙළෙඳ ගනුදෙනු පැවැත්වීමද තහනම්

කැනඩාවට ඇතුල්වීම තහනම්

කැනඩාවේ ආර්ථික පනතට ගැනෙන නීතිරීති සියල්ලටම ඔවුන් යටත්විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment