ගෑස් මිල ශේප් එකේ – සභාපති මුදිත කියයි

1398

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිලෙහි සංශෝධනයක් අගෝස්තු මාසය සඳහා සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඇමරිකානු ඩොලර් 87 කින් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ගෑස් මිල රුපියල් 450කින් වැඩි කළ යුතුව තිබූ බවත් හෙතෙම කීවේය. කෙසේ වෙතත්, පසුගිය මාසයේ ගෑස් ටොන් දසදහසක් වැඩිපුර තොග ලබාගැනීම නිසා එම සහනය ජනතාවට ලබාදීමේ අරමුණින් ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ද ඒ මහතා කියා සිටියේය. තොග කළමනාකරණය කාර්යක්ෂමව සිදු කිරීම නිසා ජනතාවට බරක් නොදීමට හැකි වූ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment