ලංගම මි.2508ක් වැඩිපුර ඕ.ටී. ගෙවලා

196

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් එහි සේවකයන්ට 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 2,508 ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

අතිකාල දීමනා ගෙවීම විනිවිදභාවයෙන් තොරව සිදුකර ඇති අතර අතිකාල පාලනය සම්බන්ධයෙන් කළමනාකාරණය තම වගකීම නිසි පරිදි ඉටුකර නොමැති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. ඇඟිලි සලකුණු යන්ත්‍ර අක්‍රිය වීමට ඉඩහැරීම අතිකාල පාලනයට සෘජුව බලපා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. අතිකාල වියදම ධාවන කිලෝමීටරයකට රුපියල් 1.20ක් වියයුතු අතර ඒ අනුව 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 566කට වැඩි නොවිය යුතු වේ. එහෙත් 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 3074ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මේ පිළිබඳ ලංගමයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ප්‍රාථමික ගණයේ සේවක මහත්වරුන්ගේ වැටුප් පරිවර්තනයත් සමග එම සේවකයන්ගේ අතිකාල රේටය රුපියල් 175ක් බවය. අතිකාල රේටය දෙගුණයකින් වැඩි වීමත් 2022 වර්ෂය වන විට එම ගණයේ සේවක මහත්වරුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අනුමැතිය ලැබීම නිසා අතිකාල රේටය රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment