ජනේලයෙන් ඇතුළු වූ ගණිත ගුරා පාසලේ ටීවී එකට සහ මල්ටිමීඩියාවට විදලා

83

බදුරලිය පොලිස් වසමේ කෙලින්කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ කාර්යාලයේ ජනේලයේ අගුල බිඳ කාර්යාලය තුළට ඇතුළු වී එහි තිබූ අඟල් 40 රූපවාහිනී යන්ත්‍රයක්, ඈම්ප් එකක් හා මල්ටිමීඩියා ප්‍රජෙක්ටර් යන්ත්‍රයක් සොරකම් කළා යැයි සැකපිට පාසල් ගුරුවරයකු පසුගියදා අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි.

බුලත්සිංහල අමරගෙදර පදිංචි 37 හැවිරිදි පාසල් ගුරුවරයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම ගුරුවරයා සොරකම සිදුවී ඇති පාසලේම ගණිතය විෂය උගන්වන ගුරුවරයෙක් ලෙස සේවය කරන බවද පොලිසිය සඳහන් කරයි. සොරකම් කරන ලද රූපවාහිනී යන්ත්‍රය සහ ශබ්ද පරිපාලන යන්ත්‍රය පොලිසිය සොයාගෙන ඇති අතර මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරය සොයා ගැනීම සඳහා පරීක්ෂණ දියත් කර ඇත. බදුරලිය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. වික්‍රමආරච්චි, උ.පො.ප. වරුන් වන නිලංග හා මධුශංක යන මහත්වරුන්ද, පො.කො. වරුන් වන චාමික සහ පෙරේරා යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment