හෙටක් නොදකින අපේ කි‍්‍රකට්…

313

මේ සටහන තබන්නේ කි‍්‍රකට් ලෝලියකු ලෙස හද පතුලෙන්ම නැෙ`ගන චිත්තප‍්‍රීතිය දරාගත නොහැකිවය. ශ‍්‍රී ලංකා ජාතික (13 පහළ) කණ්ඩායම එංගලන්තයේදී ක‍්‍රිකට් ගලිවර්ලා ඉදිරියේ පෙන්වූ හපන්කම් දැකීමෙන්ම මෙරට සුවහසක් කි‍්‍රකට් ලෝලීන් අමන්දානන්දයට පත්වූවා නිසැකය.
 
 ක‍්‍රිකට් ලෝකයේ පතාක යෝධයන් ඉදිරියේ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන් දැක්වූ කුසලතාපූර්ණ දක්‍ෂතාවන් දකිද්දී අපගේ දෑස්වලට කඳුළු ඉනුවේ අපටත් නොදැනුවත්වමය.
 
 එංගලන්ත ශ‍්‍රී ලංකා 20/20 ක‍්‍රිකට් තරගාවලියේ තරග තුනම අප පරාජයට පත්වූවද මේ පුංචි කොලූගැටවුන්ගේ සටන් විලාශය අපට කලකට අමතක නොවනු ඇත.
 
 අපේ ජාතික කණ්ඩායම නියෝජනය කළ දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන්ගේ ක‍්‍රීඩා විලාශය දෙස එංගලන්ත ක‍්‍රිකට් ලෝලීන් දෑස් දල්වාගෙන බලාසිටිනු අප රූපවාහිනියෙන් දුටුවෙමු.
 
 විටෙක එංගලන්ත කි‍්‍රකට් ලෝලීන් අපේ ලදරු ක‍්‍රීඩකයන් දෙස අනුකම්පාවෙන් බලා සිටියහ. තවත් විටෙක ඔවුන් මේ කි‍්‍රකට් ලිලිපුට්ටන් දෙස බලා සිටියේ හාස්‍යයට ලක්කරමින්ය.
 
 එංගලන්ත ශ‍්‍රී ලංකා 20/20 ක‍්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා එරට පදිංචි ශ‍්‍රී ලාංකිකයන් සිංහ ධජ ලෙලවමින් පැමිණ සිටියහ. අපේ පුංචි වීරයන් දැක්වූ දක්‍ෂතා දැකීමෙන් එරට ශ‍්‍රී ලාංකිකයන් මහත් ආඩම්බරයකට පත්ව සිටින ආකාරය අප රූපවාහිනි තිරයෙන් දුටුවෙමු.
 
 අපේ දහතුනෙන් පහළ පුංචි ක‍්‍රීඩකයන් තවත් වසර 25-30 ක් ඉදිරියට ක‍්‍රීඩා කරද්දී ඔවුන් කි‍්‍රකට් ලෝකයේ පතාක යෝධයන් බවට පත්වනු නොඅනුමානය. ඒ පෙර ලකුණු මේ පුංචි ක‍්‍රීඩකයන් පසුගිය 20/20 කි‍්‍රකට් තරගාවලිය පුරාම මොනවට විදහා දැක්වූවෝය.
 
 බොහෝ අවස්ථාවල අපේ දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන් 20/20 ක‍්‍රිකට් තරග තුනේම ක‍්‍රීඩා කළේ ටෙස්ට් තරගයකට ක‍්‍රීඩාකරන විලාසයටය. ඒ අතින් බලද්දී මේ ක‍්‍රීඩකයන් අනාගතයේදී ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම ලෙස ජයකෙහෙළි නංවන්නට පෙර ලකුණු පහළ කළහ.
 
 20/20 තරගාවලිය පුරාම මේ පුංචි ක‍්‍රීඩකයන් පාදයක් පෙරට තබමින් ආරක්‍ෂාකාරීව පන්දුව නිදැල්ලේ යෑමට ඉඩහැරීම ඔවුන්ගේ පරිණතභාවය මොනවාට පැහැදිලි කර දුන්හ.
 
 සමහර අවස්ථාවලදී අපේ ක‍්‍රීඩකයන් මේ තරග තුන ක‍්‍රීඩාකරපු ආකාරය ලෙස බලද්දී පෙනුනේ පුහුණු සැසියකට සහභාගි වී සිටිනවා කියාය.
 
 පන්දුවට පහරදීම පමණක් නොව පන්දු යැවීම පිටිය පුරා පන්දු රැුකීම යන අංශයන්ගෙන්ද අපේ පුංචි වීරයන් දැක්වූයේ පුදුමාකාර දක්‍ෂතාවයකි.
 
 එංගලන්තය පන්දුවට පහර දෙද්දී පිටිය පුරා පන්දු රකින්නන් රඳවා සිටි ආකාරය විශ්මය දනවන සුළුය. එංගලන්තය ක‍්‍රීඩකයන්ට හතරේ පහරක් හයේ පහරක් එල්ල කිරීමට ලෙහෙසි පහසු නොවන ආකාරයට ක‍්‍රීඩා පිටියේ පන්දු රැුකීම් සඳහා ක‍්‍රීඩකයන් යොදවා සිටියහ.
 
 අපේ ජාතික කණ්ඩායමේ 13 න් පහළ ක‍්‍රීඩකයන් තුන් ඉරියව්වෙන්ම කළ දක්‍ෂතාවන් දෙස බලද්දී ඔවුන් වැඩිකල් නොගොස් ලොව අංක එකේ කි‍්‍රකට් කණ්ඩායම ලෙස පත්වනවා නොඅනුමානය.
 
 මේ පුංචි ක‍්‍රිකට් වීරයන් ක‍්‍රීඩා කළ සටන්කාමී විලාශය දෙස බලා සිටිද්දී අපට ඇතැම් අවස්ථාවලදී හැඟී ගියේ ඔවුන් එවැනි තරග රටාවක් අනුගමනය කළේ එංගලන්ත කණ්ඩායම හෑල්ලූවට ලක්කිරීමට දෝ කියාය.
 
 එමෙන්ම අපේ කි‍්‍රකට් තේරීම් කමිටුව ගැන යමක් නොකීවොත් එය මහා අඩුපාඩුවක් වනවා නොඅනුමානය.
 
 ලෝක පූජිත එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම සමඟ ක‍්‍රීඩා කිරීමට අපේ ජාතික කණ්ඩායමට දහ තුනෙන් පහළ ක‍්‍රීඩකයන් තෝරා ගැනීම පිළිබඳව අප තේරීම් කමිටුවට කෘතස්ථපූර්වකව ස්තුතිය පිරිනැමිය යුතුය. අපේ දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන් එංගලන්ත ජාතික කණ්ඩාමේ ක‍්‍රීඩකයන් දණ ගැස්සුවේ නම් ශ‍්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන් තරග කළේ නම් මොන ආකාරයේ තත්ත්වයක් උදාවේ දැයි කිසිවකුටත් කිව නොහැක.
 
 එංගන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් මෙන්ම එරට ක‍්‍රිකට් ලෝලීන්ද මේ බව හොඳින් තේරුම් ගන්නට ඇතැයි අපට හැෙඟයි.
 
 එමෙන්ම ජ්‍යෙෂ්ඨත්වය නොසලකාහැර දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩාකිරීමට වරම් ලබාදීම පිළිබඳව වර්තමාන ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාට මුළු මහත් ජාතියේම ප‍්‍රණාමය හිමිවිය යුතුය. තරගාවලි දෙකක් තුනක් පරාජය වූවද දිගින් දිගටම මේ දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන් එක දිගට ක‍්‍රීඩා කළොත් තවත් වසර 25 කින් 30 කින් අපේ රටේ කණ්ඩායම සුපිරි කණ්ඩායමක් වනු නොඅනුමානය.
 
 තවත් වසර 25 – 30 ගතවෙද්දී මේ පුංචි ක‍්‍රිකට් වීරයන් ලෝකයේ සුපිරි කි‍්‍රකට් තරු බවට පත්වෙද්දී එදා අපේ කි‍්‍රකට් වීරයන්ව සිටි සනත් ජයසූරියලා, මුත්තයියා මුරලිදරන්ලා, චමින්ද වාස්ලා, තිලකරත්න ඩිල්ෂාන්ලා, රංගන හේරත්ලා සැබැවින්ම කි‍්‍රකට් තරුදැයි කියන තත්ත්වයට පත්වනු ඇත.
 
 එංගලන්තයට පමණක් නොව අපේ මේ පුංචි වීරයන් පසුගියදා බංගලිදේශයටත් ගොස් එරට ජාතික කණ්ඩායමටද අමතක නොවන පාඩමක් ඉගැන්වූහ.
 
 එදා බංගලිදේශ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් මෙන්ම එරට කි‍්‍රකට් ලෝලීන්ද අපේ මේ පුංචි ක‍්‍රිකට් වීරයන්ගේ දස්කම් දෙස බලාසිටියේ පුදුමයෙන් යුතුවය.
 
 හෙට අනිද්දා ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමද මෙරට තරග සංචාරයක් සඳහා පැමිණීමට සූදානම්ව සිටියි. අපේ ක‍්‍රීඩකයන්ගේ ක‍්‍රීඩා විලාශස දෙස බලා ඔවුන් තැතිගැනීමට ලක්ව ඇති බව නිසැකය. අපේ පුංචි කි‍්‍රකට් විරුවන් ඉන්දීය කණ්ඩායමට පන්න පන්නා පහරදෙන ආකාරය නැරඹීමේ වාසනාව අපට තවත් වැඩි දවසක් යන්නට පෙර උදාවනු ඇත.
 
 ක‍්‍රිකට් ලෝකයේ ගලිවර්ලා දණගස්සවා මුළු ලෝකයේම අවධානය තමන් වෙතට හරවාගෙන සිටින අපේ දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන්ට වර්තමාන කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් නිසි ඇගයීමකට ලක් නොකිරීම මහා අපරාධයකි. කි‍්‍රකට් ලෝකය උඩුයටිකුරු කරමින් සිටින මේ පුංචි වීරයන්ට සාධාරණ වැටුපක් ගෙවීමට කටයුතු නොකිරීම සැබැවින්ම කනගාටුවට කරුණකි.
 
 ලෝක කි‍්‍රකට් ඉතිහාසය වෙනස්කරන මට්ටමට පත්ව සිටින අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන්ට වැටුප් ලෙස රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනක මුදලක් ලබාදුන්නත් ප‍්‍රමාණවත් නොවනු ඇත.
 
 අප යෝජනා කරන්නේ ක‍්‍රිකට් ලෝකය උඩුයටිකුරු කරන මේ පුංචි ක‍්‍රිකට් වීරයන්ට අලූතින් ඉදිවන පෝට්සිටියෙන් හෝ ඉඩම් කැබැල්ල බැගින් ලබාදිය යුතු යැයි කියාය.
 
 මෙවැනි කි‍්‍රකට් විරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එංගලන්තයේ හෝ ඔස්ටේ‍්‍රලියාවේ සිටියේ නම් ඔවුන් නයිට්නාම වලින් පවා පිදෙනු නොඅනුමානය.
 
 ක‍්‍රිකට් ලෝකයේ පතාක යෝධයන් යැයි කියාගත් එංගලන්ත කණ්ඩායමට තමන්ගේ මව් රටේදීම අමතක නොවන පාඩමක් ඉගැන්වූ අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන දහතුනෙන් පහළ ක‍්‍රීඩකයන් පෙරළා මව්රටට එද්දී ඔවුන්
 
 පිලිගැනීමට රට පුරා උත්සව සූදානම් කළ යුතුය.
 
 එංගලන්තයේ කි‍්‍රකට් ගලිවර්ලාට පාඩමක් ඉගැන්වූ අපේ කි‍්‍රකට් ලිලිපුට්ටන්ට මුළු මහත් ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුය.
 
 අපේ මේ කි‍්‍රකට් විරුවන් එංගලන්ත සංචාරය නිමකර ශ‍්‍රී ලංකා පොලොවට පාත්වෙනතුරු ක‍්‍රිකට් ලෝලීන් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්ය.
 
 අනේ අපේ ක‍්‍රිකට් කියන්නට ඉතිරිව ඇත්තේ එපමණකි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment